අද අපි මේ හඳුන්වා දෙන්න යන්නෙත් Halloween theme එකට අලුතින් හඳුන්වා දුන් විලාසිතා කීපයක්(පහත නම මත click කිරීමෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න වගේම අවශ්‍ය නම් මිලදී ගන්නත් ඔයාලට පුළුවන්.)
ලෝකය තනි යායක්…මහගම සේකරයන් දුටුවේ එහෙමයි. ඇත්තටම තාක්ෂණයේ දියුණුවත් එක්ක දුපත්වලට, මහාද්වීපවලට කොටුවෙලා හිටි අපි දැන් තනි යායක. ලෝකය පුංචි වෙලා. මොන අස්සක මුල්ලක කුමන දෙයක් වුණත් දැන ගන්නට, දැක ගන්නට හැකියාව ලැබිලා. විවිධ සංස්කෘතීන්වලට සීමා වෙලා තිබුණු අංග පවා ලෝකය පුරා පැතිර යන්නේ ඒ නිසා. අපේ පුංචි රටේ වුනත් එහෙමයි. Halloween නැතිනම් Hallows’ Even / Hallows’ Evening / Allhalloween / All Hallows’ Eve / All Saints’ Eve දන්නා සිංහලෙන් සියලු සාන්තුවරයින්ගේ සන්ධ්‍යාව බටහිර ක්‍රිස්තියානි සමාජයෙන් බිහි වූවක්. ඔක්තෝබර් 31 වන දින යෙදෙන Halloween දින සියලු සාන්තුවරයින්, දිවි පිදුවන්(ක්‍රිස්තියානි ආගම වෙනුවෙන්) සහ ඇදහිලිවන්තයින් සැමරීම වෙනුවෙන් වෙන් කළ දිනයක්. අද වන විට පුංචි ප්‍රසාංගික ස්වභාවයකින්, උත්සව ස්වභාවයකින් මේ දිනය සමරන්න බටහිර රටවල කටයුතු කෙරෙනවා. අද වන විට අපේ රටේ වුණත් මේ උත්සව ඕනෑ තරම් දකින්න ලැබෙනවා. Halloween නම එක්ක බැඳුනු සංකේත, සැරසිලි රැසක් අපේ මතකයට නැගෙනවා. jack-o’-lanterns(වට්ටක්කා ගෙඩිවල කැටයම් යොදා කළ සැරසිලි), කළු බළලුන්, වවුලන්, මකුළු දැල්, භූත මාලිගා, භූත රූප, මායාකාරියන්ගේ ආම්පන්න වැනි දුටු විගස ත්‍රාසයක් ඇති කරන දේවල් ඒ අතර වනවා. විශේෂයෙන්ම විවිධ වෙස් ගැන්වීම් වලින් සැරසී(Cosplay) උත්සව පැවැත්වීම තරුණ ප්‍රජාව අතර ඉතා ජනප්‍රියයි. අද අපි මේ හඳුන්වා දෙන්න යන්නෙත් Halloween theme එකට අලුතින් හඳුන්වා දුන් විලාසිතා කීපයක්(පහත නම මත click කිරීමෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගන්න වගේම අවශ්‍ය නම් මිලදී ගන්නත් ඔයාලට පුළුවන්.)…මේ Cosplay විලාසිතා නම් නොවේ. ඒ ගැන ඉදිරියේ ලිපියක් ගෙන එන්නම්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…