අද කියන්න යන්නේ මේ සුදු හිස කෙස් කළු කරන ආයුර්වේද රහස් ප්‍රතිකාරයක්. ස්වාභාවික ඩයි වර්ගයක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්.
ජාතක කතාවල මඛාදේව රජතුමාගේ කතාව මතක ද? නරකෙසක් පැහිලා තිබෙනවා දැකලා රජතුමා තපසට පිටත්වුණා. ආසියාතික අපේ කෙස් වර්ණය ගොඩක් වෙලාවට කළු. ඉතින් ඒ අතරේ ඔලුවේ සුදු කෙස් ගහක් හරි දැක්කොත් මානසිකව වැටිලා. අයියෝ…මම දැන් වයසට ගිහින් කියලා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ලස්සනට පෙනුමට තරුණ පාටට ඉන්න අකමැති කවුද? දැන් නම් ඉතින් පීනස නිසා ඉස්කෝලේ ළමයින්ගේත් කොන්ඩේ සුදු වෙන්න අරන්. අද කියන්න යන්නේ මේ සුදු හිස කෙස් කළු කරන ආයුර්වේද රහස් ප්‍රතිකාරයක්. ස්වාභාවික ඩයි වර්ගයක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. ඩයි වර්ග නම් වෙළඳ පොළේ ඕනෑ තරම්. ඒත් කෘත්‍රිම රසායනික දේවල් පසු කාලේදී වෙනත් අහිතකර බලපෑම් ඇතිකරන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ නම් සම්පූර්ණයෙන්ම ස්වාභාවික, නිවසේදීම සාදාගන්න ප්‍රතිකාරයක් නිසා කිසිම විදියකින් බය වෙන්න උවමනාවක් නැහැ.
සිහින්ව ලියා ගත් රතු ළූණු ග්‍රෑම් 200ක්
සිහින්ව අඹරා ගත් සුදු ළූණු ග්‍රෑම් 100ක්
සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 200ක්
පිරිසිදු පොල්තෙල් බෝතල් බාගයක්
සිහින්ව කපා ගත් කරපිංචා කෝප්ප 2ක්
01) මේ සියල්ල මැටි මුට්ටියකට දමන්න. පසුව මද ගින්නේ පැය 03ක් සෙමින් පිසින්න.
02) දිගටම හැඳි ගාමින් මිශ්‍රණය ඝන වී කළු පැහැ වන්නට දෙන්න. තරමක ඝන කළු හෙනා මිශ්‍රණයක් මෙන් සැකසුණු පසු ලිපෙන් බා ගන්න.
03) දැන් මේ මිශ්‍රණය කට පළල් වීදුරු බෝතලයකට දමන්න.
04) රාත්‍රී නින්දට පෙර මේ ආලේපනයෙන් කෝප්ප 1/2ක් ගෙන සුදු කෙස්වල හා හිස් කබලේ හොඳින් තවරන්න. විනාඩි 40ක් තබා අනවශ්‍ය ටික ඉවත් කර මේ ආලේපනය සමග නින්දට යන්න.
05) එසේ නොමැති නම් දහවල් කාලයේදී මෙය ආලේප කර විනාඩි 40ක් තබා පසුව සෝදා හරින්න.
එක වරකින්ම ඔබට ලොකු වෙනසක් දකින්නට ලැබේවි. දිගින් දිගටම වාර කීපයක් මේ ප්‍රතිකාරය කිරීමෙන් ඔබට අදහා ගත නොහැකි ප්‍රතිපලයක් ලැබේවි. දැන් කොණ්ඩේ කළු ද සුදූ? 🙂
***මේ ප්‍රතිකාර වට්ටෝරුව උපුටා ගැනීම කුසුම් පුවත් පත ඇසුරෙනි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…