Beauty

සුදු කෙස් කළු කරමුද…සුදූ?

අද කියන්න යන්නේ මේ සුදු හිස කෙස් කළු කරන ආයුර්වේද රහස් ප්‍රතිකාරයක්. ස්වාභාවික ඩයි වර්ගයක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්.

ජාතක කතාවල මඛාදේව රජතුමාගේ කතාව මතක ද? නරකෙසක් පැහිලා තිබෙනවා දැකලා රජතුමා තපසට පිටත්වුණා. ආසියාතික අපේ කෙස් වර්ණය ගොඩක් වෙලාවට කළු. ඉතින් ඒ අතරේ ඔලුවේ සුදු කෙස් ගහක් හරි දැක්කොත් මානසිකව වැටිලා. අයියෝ…මම දැන් වයසට ගිහින් කියලා. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. ලස්සනට පෙනුමට තරුණ පාටට ඉන්න අකමැති කවුද? දැන් නම් ඉතින් පීනස නිසා ඉස්කෝලේ ළමයින්ගේත් කොන්ඩේ සුදු වෙන්න අරන්. අද කියන්න යන්නේ මේ සුදු හිස කෙස් කළු කරන ආයුර්වේද රහස් ප්‍රතිකාරයක්. ස්වාභාවික ඩයි වර්ගයක් විදියටත් මේක හඳුන්වන්න පුළුවන්. ඩයි වර්ග නම් වෙළඳ පොළේ ඕනෑ තරම්. ඒත් කෘත්‍රිම රසායනික දේවල් පසු කාලේදී වෙනත් අහිතකර බලපෑම් ඇතිකරන්න පුළුවන්. ඉතින් මේ කියන්න යන්නේ නම් සම්පූර්ණයෙන්ම ස්වාභාවික, නිවසේදීම සාදාගන්න ප්‍රතිකාරයක් නිසා කිසිම විදියකින් බය වෙන්න උවමනාවක් නැහැ.

අවශ්‍ය දේවල්:

සිහින්ව ලියා ගත් රතු ළූණු ග්‍රෑම් 200ක්
සිහින්ව අඹරා ගත් සුදු ළූණු ග්‍රෑම් 100ක්
සිහින්ව ලියාගත් බී ළූණු ග්‍රෑම් 200ක්
පිරිසිදු පොල්තෙල් බෝතල් බාගයක්
සිහින්ව කපා ගත් කරපිංචා කෝප්ප 2ක්

සදා ගන්නා ආකාරය:

01) මේ සියල්ල මැටි මුට්ටියකට දමන්න. පසුව මද ගින්නේ පැය 03ක් සෙමින් පිසින්න.

02) දිගටම හැඳි ගාමින් මිශ්‍රණය ඝන වී කළු පැහැ වන්නට දෙන්න. තරමක ඝන කළු හෙනා මිශ්‍රණයක් මෙන් සැකසුණු පසු ලිපෙන් බා ගන්න.

03) දැන් මේ මිශ්‍රණය කට පළල් වීදුරු බෝතලයකට දමන්න.

04) රාත්‍රී නින්දට පෙර මේ ආලේපනයෙන් කෝප්ප 1/2ක් ගෙන සුදු කෙස්වල හා හිස් කබලේ හොඳින් තවරන්න. විනාඩි 40ක් තබා අනවශ්‍ය ටික ඉවත් කර මේ ආලේපනය සමග නින්දට යන්න.

05) එසේ නොමැති නම් දහවල් කාලයේදී මෙය ආලේප කර විනාඩි 40ක් තබා පසුව සෝදා හරින්න.

එක වරකින්ම ඔබට ලොකු වෙනසක් දකින්නට ලැබේවි. දිගින් දිගටම වාර කීපයක් මේ ප්‍රතිකාරය කිරීමෙන් ඔබට අදහා ගත නොහැකි ප්‍රතිපලයක් ලැබේවි. දැන් කොණ්ඩේ කළු ද සුදූ? 🙂

***මේ ප්‍රතිකාර වට්ටෝරුව උපුටා ගැනීම කුසුම් පුවත් පත ඇසුරෙනි.

Background photo created by senivpetro – www.freepik.com

Hemantha Alwis

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago