Kimono නමින් කිම් කාර්ඩශියන් හඳුන්වා දුන්නේ කාන්තා යට ඇඳුම් නැතිනම් ශරීරය හැඩය මතුකරන (Shapewear) ඇඳුම් පෙළක්. නමුත් කිමෝනෝ ජපනයේ ජාතික ඇඳුම. සිරිත් විරිත්වලට මුල් තැනක් දෙන ජපානයේ මේ කිමෝනෝවට ඉහල පිළිගැනීමක්, ගෞරවයක් හිමි වෙනවා.
කිම් කාර්ඩශියන්(Kim Kardashian) පුවත් මවන්නියක්. ඇගේ මුළු පවුලම එසේමයි. නිළියක, මෝස්‌තර නිරූපිකාවක, රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක, සමාජ සේවිකාවක වගේම ව්‍යාපාරික කාන්තාවක ලෙසද ප්‍රසිද්ධ සුරූපී, සරාගී කිම් කාර්ඩශියන් මුහුදු වෙරළේ සිටියත්, උත්සවයකට ගියත්, කෙනෙකු හා යහන්ගත වුණත්, ගැබ් ගත්තත් ලෝකය පුරා ගොසිප් වෙබ් අඩවිවලට උණුසුම් මාතෘකාවක් වුණේ අද ඊයේ නම් නොවේ. ඇය නැවතත් කතා බහට ලක්වන්නේ ඇගේ නවතම කාන්තා විලාසිතා සන්නාමය සමග. ඒ “Kimono“.
Kimono නමින් කිම් කාර්ඩශියන් හඳුන්වා දුන්නේ කාන්තා යට ඇඳුම් නැතිනම් ශරීරය හැඩය මතුකරන (Shapewear) ඇඳුම් පෙළක්. නමුත් කිමෝනෝ ජපනයේ ජාතික ඇඳුම. සිරිත් විරිත්වලට මුල් තැනක් දෙන ජපානයේ මේ කිමෝනෝවට ඉහල පිළිගැනීමක්, ගෞරවයක් හිමි වෙනවා. ඒ සියවස් ගණනක් ගැහැණු පිරිමි භේදයකින් තොරව භාවිත කළ ඇඳුමක් නිසාවෙන්.කාන්තා යට ඇඳුමකට තමාගේ ගෞරවනීය ඇඳුමේ නම යෙදීම ගැන ජපන් ජාතිකයින්ගේ නම් කිසිම ප්‍රසාදයක් නැහැ. ඒ නිසාවෙන් බොහෝ ජපන් තරු පවා සමාජ ජාල මාධ්‍ය තුල කිම්ගේ මේ ක්‍රියාව ගැන දැඩි අප්‍රසාදය පළකර තිබෙනවා.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…