Hollywood

බිලියනපතියන් ගොන්නට එක්වුණු Jay-Z

ඒ ලැයිස්තුවට ඉහලින්ම තම නම සනිටුහන් කළ අලුත්ම තරුව ජනප්‍රිය රැප් සංගීත ශිල්පී Jay-Z. ඒ ලෝකයේ බිලියනපතියන් අතරට තම නම් එකතු කළ පළමු රැප්/හිප්හොප් සංගීත ශිල්පියා ලෙසයි.

රැප්/හිප්හොප් සංගීතය බටහිර සංගීත ලෝකයේ ඉහලින්ම වැජඹෙන සංගීත ශෛලියක්. විශේෂයෙන්ම යොවුන් පරපුර අතර වඩාත් ජනප්‍රිය රැප් සංගීතය ඊට කැමති වගේම දක්ෂතා සපිරුණු ගායක/ගායිකාවන්ටත් සංගීත ශිල්පීන්ටත් ස්ථාවර ජීවිතයක් ගොඩ නගා ගන්නට පිටිවහලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම කළු ජාතිකයින් අතරින් බිහි වුණු මෙම රැප්/හිප්හොප් සංගීතය අද ලෝකයේ සීමා මායිම් නොමැතිවම පැතිරිලා, ජනප්‍රිය වෙලා. සංගීතය නිසා වගේම විවිධ ක්ෂේත්‍රයන් නිසා ලෝකප්‍රකට වුණු රැප් සංගීත ශිල්පීන් රැසක් අපට මුණ ගැහෙනවා. Beats නිර්මාතෘ Dr. Dre, ඇකඩමි සම්මාන ලාභී Eminem, සිය අකල් මරණයන් නිසා රැප් ලෝකයේ සදා වැජඹෙන Tupac Shakur සහ Notorious B.I.G, Bad Boy නිර්මාතෘ Sean “P.Diddy” Combs, Forbes මිලියනපතිනියන් අතරට එක් වූ පළමු රැප් ගායිකාව Nicky Minaj ඒ අතරින් කීප දෙනෙක්. ඒ ලැයිස්තුවට ඉහලින්ම තම නම සනිටුහන් කළ අලුත්ම තරුව ජනප්‍රිය රැප් සංගීත ශිල්පී Jay-Z. ඒ ලෝකයේ බිලියනපතියන් අතරට තම නම් එකතු කළ පළමු රැප්/හිප්හොප් සංගීත ශිල්පියා ලෙසයි.

1969 දෙසැම්බර් 04 දින නිව්යෝක්හි බ්රූක්ලින් හි උපත ලැබූ Jay-Z ගේ නියම නම ෂෝන් කොරී කාටර්. ඔහුගේ ළමා කාලය සතුටුදායක සැපබර එකක් නම් වුණේ නැහැ. කුඩා කලම ඔහු සිය සොයුරු සොයුරියන් හා මව අතහැර, සිය පියා වෙනතක යාම නිසා ඉතා දුක්ඛිත ළමා වියක් හිමිව තිබුණා. අනෙක දුෂ්කරතා මැද ගෙවුණු ඔහුගේ තරුණ විය උසස් අධ්‍යාපනයකට ඉඩක් ලැබුණක් නම් නොවේ. Jaz-O නම් රැප් සංගීත ශිල්පියාගෙන් ආභාසය ලැබූ ෂෝන් කාටර් රැප් සංගීතයට යොමු වුණේ 80 දශකයේ මුල් භාගයේ පමණය. අසල්වැසියන් අතර “Jazzy” නමින් ප්‍රසිද්ධව සිටි නිසාවෙන් සංගීත ලෝකය තුල Jay-Z නමින් සංගීත ලෝකයේ තම නම සනිටුහන් කරන්නට කාටර් කටයුතු කළා.(යොවුන් වියේ Jay-Z සිය මිතුරෙකු සමග(ඉහලින් සිටගෙන) – Source : en.wikipedia.org)

Def Jam Recordsහි අනුබද්ධිත සංගීත ලේබලයක් ලෙස 1995දී සිය මිතුරෙකු හා එක්ව Roc-A-Fella Records ආරම්භ කිරීම Jay -Zගේ සංගීත ජීවිතයේ ආරම්භක සන්ධිස්ථානය වුණා. 1996දී Reasonable Doubt සිය පළමු ගීත ඇල්බමය නිකුත් කළේ Memphis Bleek, Mary J. Blige, Foxy Brown සහ Notorious B.I.G යන ශිල්පී/ශිල්පිනියන්ගේද සහභාගීත්වයෙන්.

එතැන් පටන් In My Lifetime, Vol. 1(1997), Vol. 2… Hard Knock Life(1998), Vol. 3… Life and Times of S. Carter(1999), The Dynasty: Roc La Familia(2000), The Blueprint(2001), MTV Unplugged (Jay-Z album-2001), The Best of Both Worlds (Jay-Z and R. Kelly album – 2002), The Blueprint 2: The Gift & The Curse(2002), Blueprint 2.1(2003), The Black Album(2003), Unfinished Business (Jay-Z and R. Kelly album – 2004), Collision Course(Jay-Z/Linkin Park – 2004), Kingdom Come(2006), American Gangster(2007), The Blueprint 3(2009), Jay-Z: The Hits Collection, Volume One(2010), Watch the Throne(Jay-Z/Kanye West – 2011), Magna Carta Holy Grail(2013), 4:44(2017) සහ Everything Is Love(Jay-Z/Beyoncé 2018) ලෙස සංගීත ඇල්බම 14ක් නිකුත් කර ඇති අතර මිලියන 100කට අධික අලෙවියක් වාර්තා කර තිබෙනවා. Jay-Z ලොව ඉහලම අලෙවියක් ඇති සංගීත ශිල්පී ගොන්නේ ඉහලින්ම සිටින්නෙක්. සිය සංගීත දිවිය තුල ඔහු දිනා ඇති සම්මාන ගණන 110ක්. ඒ අතර ග්‍රැමී සම්මාන 22ක් වනවා.

Jay-Z Beyoncé සමග

ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ Destiny’s Childහි සාමාජිකාවක ලෙස සිය සංගීත දිවිය ඇරඹු බියෝන්සේ සමග Jay-Z විවාහ වන්නේ 2008දී. ඔවුන් දේපල දරුවන් තිදෙනෙකුගේ මව්පියන් වනවා. Beyoncé සමග 2018දී “The Caters” නමින් නිකුත් කළ Everything Is Love ගීත ඇල්බමය ඉහල අලෙවියක් වාර්තා කළ අතර බොහෝ ගීත දර්ශකවල ඉහලින් සිටින්නට සමත් වුණා.

Jay-Zගේ වත්කම්

Jay-Z සහ Beyoncé ගේ මන්දිරය

Forbes සඟරාව 2019 අනාවරණය කළ ආකාරයට Jay-Z ලොව බිලියනපතියන් අතරට එක වූ පළමු රැප්/හිප්හොප් සංගීත ශිල්පියා ලෙස වාර්තා අතරට එකතු වනවා. බිලියනපතියෙකු දක්වා වූ මේ සාර්ථක එහෙත් අසීරු ඉලක්කය වෙත ඔහු පිය නැගුවේ සාර්ථක ගීත ඇල්බම 14 නිසාම නොවේ. ඔහු ව්‍යාපාරික ලෝකය තුලද සාර්ථකව තම ආයෝජනයන් හැසිරවීමෙන් සිය දක්ෂතා පෙන්වුවෙක්.

Roc-A-Fella Records ඔහු විසින් 1995දී පමණ ගොඩ නැගූ සංගීත සන්නාමය වුණා. 2003දී Reebok සමග එක්ව සිය S. Carter විලාසිතා එකතුව සමගින් විශාල මුදලක් උපයා ගැනීමට Jay-Z සමත් වුණා. 1999දී ආරම්භ කළ Rocawear නම් සිය විලාසිතා සන්නාමය මගින් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 700ට අධික මුදලක් උපයා ගැනීමට ඔහුට හැකි වුණා. 40/40 Club නම් ක්‍රීඩා හා සම්බන්ධ අවන්හල් ජාලයේ සම හිමිකරු වන්නේද Jay-Z ය. මේ හැරුණු විට දේපල වෙළඳාම් කටයුතු, විවිධ වයින්, ෂැම්පේන් වර්ග, සංගීත ලේබල ආදී ව්‍යාපාර රැසක් ආයෝජනයන් ඔහු මේ බිලියනපති ඉලක්කය කරා ගෙන ගොස් තිබෙන

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago