Hollywood

විලාසිතා ලොව දැවැන්තයෙකුගේ නික්ම යෑම

විලාසිතා සන්නාම ලොව නොමැකෙන සටහනක් තැබූ නිර්මාණකරුවෙක් ඊයේ එනම් පෙබරවාරි 19දින මෙලොවින් සමුගත්තා. ඒ ලොව ප්‍රකට ප්‍රංශ විලාසිතා සන්නාමයක් වන Channel හි සහ ඉතාලියේ Fendi විලාසිතා සන්නාමයේ ප්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂක වූ Karl Lagerfeld. මිය යනවිට 85 වන වියේ පසු වූ ඔහු Karl නමින් ඔහුගේම සන්නාමයකද හිමිකරුවුණා.

විලාසිතා සන්නාම ලොව නොමැකෙන සටහනක් තැබූ නිර්මාණකරුවෙක් ඊයේ එනම් පෙබරවාරි 19දින මෙලොවින් සමුගත්තා. ඒ ලොව ප්‍රකට ප්‍රංශ විලාසිතා සන්නාමයක් වන Channel හි සහ ඉතාලියේ Fendi විලාසිතා සන්නාමයේ ප්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂක වූ Karl Lagerfeld. මිය යනවිට 85 වන වියේ පසු වූ ඔහු Karl නමින් ඔහුගේම සන්නාමයකද හිමිකරුවුණා.

1933 සැප්තැම්බර් 10වන දින ජර්මනියේ හැම්බර්ග් හි උපත ලද ගේ පියා වෙළඳ ව්‍යාපාරිකයෙකු වුණා. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා පැරිසියට යන ඔහු එහිදී චිත්‍ර කලාවට යොමු වනවා. 1955දී මෝස්‌තර නිර්මාණ තරගයකින් ජයගන්නා ඔහුට විලාසිතා ලොව දැවැන්තයින් වූ Yves Saint Laurent, Pierre Balmainfor හා ඇසුර මෙන්ම ඔවුන් හා සමීපව කටයුතු කිරීමේ භාග්‍ය හිමි වනවා . Jean Patouහි කලා අධ්‍යක්ෂක ලෙස 1958දී සම්බන්ධ වන කාල් Chloé, Charles Jourdan, Krizia, සහ Valentino යන ලොව ප්‍රකට සන්නාම සඳහා නිදහස් නිර්මාණකරුවෙකු ලෙස සිය සේවය ලබා දෙනවා.

ඉතාලිය කේන්ද්‍ර කරගත් ලෝම හා සම් ආශ්‍රිත නිර්මාණයන් කරනු ලබන Fendi හා 1967දී එක්වන කාල් මියයන තුරුම එහි ප්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබනවා.

Coco Channelගේ අභාවයෙන් දශකයක් ඉක්ම ගොස් තිබූ තැන Channel ආයතනය කාල් සිය සේවය සඳහා සම්බන්ධ කරගනු ලබන්නේ සිය සන්නාමය ඉතා දැවැන්ත බිඳ වැටීමකට ලක්ව තිබූ යුගයක. ඒ 1980 වර්ෂයේදී. කෙටි කලකින්ම Channel ලොව ප්‍රධානතම විලාසිතා සන්නාම අතරට ගෙන ඒමට කාල් සමත් වනවා.මිය යන තුරුම ඔහු එහි තනතුරු දරනවා.

සිය අවසාන කාලයේ සෞඛ්‍ය ගැටළු රැසකින් පීඩා විඳින කාල් පසුගිය ජනවාරි මස ප්‍රතිකාර සඳහා රෝහල් ගත වනවා. ඊයේ එනම් පෙබරවාරි 19 දින ඔහු මෙලොවින් සමු ගන්නේ තවමත් අනාවරණය කරගනු නොලැබූ හේතු නිසාවෙනි.

Image credit : www.channel.com
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago