Hollywood

විලාසිතා ලොව දැවැන්තයෙකුගේ නික්ම යෑම

විලාසිතා සන්නාම ලොව නොමැකෙන සටහනක් තැබූ නිර්මාණකරුවෙක් ඊයේ එනම් පෙබරවාරි 19දින මෙලොවින් සමුගත්තා. ඒ ලොව ප්‍රකට ප්‍රංශ විලාසිතා සන්නාමයක් වන Channel හි සහ ඉතාලියේ Fendi විලාසිතා සන්නාමයේ ප්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂක වූ Karl Lagerfeld. මිය යනවිට 85 වන වියේ පසු වූ ඔහු Karl නමින් ඔහුගේම සන්නාමයකද හිමිකරුවුණා.

විලාසිතා සන්නාම ලොව නොමැකෙන සටහනක් තැබූ නිර්මාණකරුවෙක් ඊයේ එනම් පෙබරවාරි 19දින මෙලොවින් සමුගත්තා. ඒ ලොව ප්‍රකට ප්‍රංශ විලාසිතා සන්නාමයක් වන Channel හි සහ ඉතාලියේ Fendi විලාසිතා සන්නාමයේ ප්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂක වූ Karl Lagerfeld. මිය යනවිට 85 වන වියේ පසු වූ ඔහු Karl නමින් ඔහුගේම සන්නාමයකද හිමිකරුවුණා.

1933 සැප්තැම්බර් 10වන දින ජර්මනියේ හැම්බර්ග් හි උපත ලද ගේ පියා වෙළඳ ව්‍යාපාරිකයෙකු වුණා. වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා පැරිසියට යන ඔහු එහිදී චිත්‍ර කලාවට යොමු වනවා. 1955දී මෝස්‌තර නිර්මාණ තරගයකින් ජයගන්නා ඔහුට විලාසිතා ලොව දැවැන්තයින් වූ Yves Saint Laurent, Pierre Balmainfor හා ඇසුර මෙන්ම ඔවුන් හා සමීපව කටයුතු කිරීමේ භාග්‍ය හිමි වනවා . Jean Patouහි කලා අධ්‍යක්ෂක ලෙස 1958දී සම්බන්ධ වන කාල් Chloé, Charles Jourdan, Krizia, සහ Valentino යන ලොව ප්‍රකට සන්නාම සඳහා නිදහස් නිර්මාණකරුවෙකු ලෙස සිය සේවය ලබා දෙනවා.

ඉතාලිය කේන්ද්‍ර කරගත් ලෝම හා සම් ආශ්‍රිත නිර්මාණයන් කරනු ලබන Fendi හා 1967දී එක්වන කාල් මියයන තුරුම එහි ප්‍රධාන නිර්මාණ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබනවා.

Coco Channelගේ අභාවයෙන් දශකයක් ඉක්ම ගොස් තිබූ තැන Channel ආයතනය කාල් සිය සේවය සඳහා සම්බන්ධ කරගනු ලබන්නේ සිය සන්නාමය ඉතා දැවැන්ත බිඳ වැටීමකට ලක්ව තිබූ යුගයක. ඒ 1980 වර්ෂයේදී. කෙටි කලකින්ම Channel ලොව ප්‍රධානතම විලාසිතා සන්නාම අතරට ගෙන ඒමට කාල් සමත් වනවා.මිය යන තුරුම ඔහු එහි තනතුරු දරනවා.

සිය අවසාන කාලයේ සෞඛ්‍ය ගැටළු රැසකින් පීඩා විඳින කාල් පසුගිය ජනවාරි මස ප්‍රතිකාර සඳහා රෝහල් ගත වනවා. ඊයේ එනම් පෙබරවාරි 19 දින ඔහු මෙලොවින් සමු ගන්නේ තවමත් අනාවරණය කරගනු නොලැබූ හේතු නිසාවෙනි.

Image credit : www.channel.com
Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

22 hours ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago