orbes සඟරාවට අනුව ලොව ධනපතියන් ශ්‍රේණි ගත කිරීමේ 2057 වන ස්ථානයේ පසුවන Kylie Jenner පසුගියදා Forbesහි Nine-Zero ගොන්නට එක්වන්නට සමත් වුණා. මේ අනුව වයස අවුරුදු 21දී බිලියනපතියන් අතරට එක්වූ ඇය ඊට පෙර එම වාර්තාවට හිමිකම් කී මාර්ක් සකර්බර්ග් අභිබවන්නට හැකි වුණා.
2004දී හාර්වර්ඩ් සරසවියේ සිය උපාධියවත් සම්පූර්ණ නොකළ තරුණයෙකුට අපූරු අදහසක් ඇතිවුණා. එහෙම කිව්වට වෙනත් කෙනෙකුගේ සිතිවිල්ලක් යතාර්ථයක් බවට පත් කරන්න ඔහු වෙහෙසුණා. මේ නිසාම පසු කාලීනව නීතිමය ගැටළුවලට වුණා. ඒත් මේ සියල්ල මැද තොරතුරු තාක්ෂණ යුගයේ පුරෝගාමීන් අතරට තම නම එකතු කරන්නට ඔහුට වුණා. ඒ ඔබ හැමෝම දන්නා Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග්. Facebook නිසාම 2008 වන විට වයස අවුරුදු 23දී ලොව ලාබාලතම ස්වෝත්සාහයෙන් නැගී සිටි බිලියනපතියා වන්නට මාක් සකර්බර්ග් ට හැකිවුණා. ස්කර්බර්ග්ගේ මේ කිරුළ මේවන විට ගිලිහී ගොසින්. කවුද මේ කිරුළට අලුතින් හිමිකම් කියන්නේ. ඒ Kylie Jenner.
ජාතක පොතට අනුව උමන්දාවේ මහෞෂධ පණ්ඩිතයන් උපන්නේ සඳුන් කැටයක් අතැතිව. Kylie සරාගිකම උපතෙන්ම ගෙන කෙනෙක්. කයිලිගේ මුළු පවුලම වගේ ලොව වසඟ කරගත් සරාගිනියන්. ඇගේ මුළු පවුලම වගේ ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහන් සම්බන්ධ තරු. 1997 අගෝස්තු 10වන දින උපත ලබන Kylie Kristen Jennerගේ පියා ඇමෙරිකානු රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වගේම ඔලිම්පික් පදක්කම් ලාභියෙකු වුණු විලියම් බෘස් ජෙනර්. අද වන විට සංක්‍රාන්ති ලිංගිකයෙකු ලෙස Caitlyn Marie Jenner නමින් කාන්තාවක ලෙස ජීවත් වනවා. කයිලිගේ මවද රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක්, ව්‍යාපාරික කාන්තාවක් මෙන්ම ලේඛිකාවක් ලෙස ප්‍රසිද්ධ අයෙක්.ඇය නමින් ක්‍රිස් ජෙනර්. කයිලිගේ සොයුරියන් වන Kim, Kourtney, Khloé සහ Kendall ලෝ ප්‍රකට නිරූපිකාවන්, ව්‍යවසායිකාවන් වගේම රූපවාහිනී නිවේදිකාවන්. ඒ වගේම ලෝකයම වසඟ කළ සරාගිනියන්.
2007දී පමණ Keeping Up with the Kardashians සමගින් රුපවාහිනි ළමා නිළියක ලෙස කයිලිගේ ගමන ආරම්භ වුණා. පවුලේ උරුමයෙන්ම වගේ නිරූපණ හා රූපවාහිනී ක්ෂේත්‍රයට පිවිසුණු කයිලිට කෙටි කලකින්ම එහි කැපී පෙනෙන තරුවක් වන්නට හැකි වුණා. සිය සොයුරියක වන Kendall සමග බොහෝ වෙළඳ නාමයන්හි සන්නාම තානාපතිනියන් ලෙස ජනප්‍රියත්වයට පත් කයිලි බොහෝ ලෝප්‍රකට සඟරාවල මුල් කවර සිය සරාගී රූපයෙන් හද කරන්නට සමත් වුණා. 2015දී කයිලි ආරම්භ කළ Kylie Cosmetics ඇගේ ව්‍යාපාර කටයුතුවල සන්ධිස්ථානයක් වුණා.
Forbes සඟරාවට අනුව ලොව ධනපතියන් ශ්‍රේණි ගත කිරීමේ 2057 වන ස්ථානයේ පසුවන Kylie Jenner පසුගියදා Forbesහි Nine-Zero ගොන්නට එක්වන්නට සමත් වුණා. මේ අනුව වයස අවුරුදු 21දී බිලියනපතියන් අතරට එක්වූ ඇය ඊට පෙර එම වාර්තාවට හිමිකම් කී මාර්ක් සකර්බර්ග් අභිබවන්නට හැකි වුණා.
**අද ලෝක කාන්තා දිනය. Kaylie Jenner ලද මේ සාර්ථකත්වය ලෝකයේ සෑම කාන්තාවකටම ආදර්ශයක්. පිරිමින්ට පමණක් නොවේ. උනන්දුව හා උත්සාහය ඇත්නම් කාන්තාවකට ජග ගත නොහැකි ඉලක්කයක් නැතය යන්න මින් මොනවට පසක් වන අතර එය ඔබේ ජීවිතය සාර්ථක, කැපී පෙනෙන කාන්තාවක ලෙස ගොඩ නගා ගන්නට පිටිවහලක් වේවි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…