Stefani Joanne Angelina Germanotta නැතිනම් බොහෝ දෙනා දන්නා පරිදි Lady Gaga සංගීත ලෝකයේ ඉහලින්ම සිටින Pop/Techno/Dance ශෛලියේ ඇමෙරිකානු ගායිකාවක්. සම්මාන ඇයට නුපුරුදු දෙයක් නොවේ. 2008 පටන් මේවන තෙක් Grammy, BET, Billboard, Brit, ARIA ඇතුළු සම්මාන 246ක් දිනා ඇති ඇය Guinness වාර්තා 12ටද හිමිකම් කියනවා. ගාගා ක්‍රියාකාරී සමාජ සේවිකාවක්ද වනවා.
Bradley Cooper සමග ගාගා ගායනයෙන් හා රංගනයෙන් දායක වූ A Star Is Born(2018) චිත්‍රපටයෙහි ඇතුලත් වූ Shallow නම් ගීතය මෙවර 61වන ග්‍රැමී සම්මාන උළෙලේ Best pop duo/group අංශයෙන් සම්මාන දිනා ගනු ලැබුවා.
සම්මාන වේදිකාව මත සංවේදී වන ඇය කඳුළු සලමින් පැවසුවේ මානසික ගැටළු සම්බන්දව දැක්වුණු මෙම චිත්‍රපටය හා සම්බන්ධ වන්නට ලැබීම භාග්‍යයක් ලෙස සලකන බවත් විශේෂයෙන්ම ජනප්‍රිය තරු මෙවැනි අභාග්‍යසම්පන්න ඉරණම්වලට මුහුණ පාන බවත්ය.
මින් අපට පසක් වන්නේ තරු කොතරම් ඉහලින් බැබලුනද ඒද අප මෙන්ම පණ නල ගැහෙන, හිතන පතන මිනිසුන්මය. වැරදි වීමද, වැරදි කිරීමද සහජ මිනිස් ස්වභාවයයි. එවැනි විටෙක ඔවුන් දිරි ගන්වමින් ගොඩ නැගීමට උපකාරී වනවා විනා ඔවුන් හෙලා දකිමින් කුහක විවේචන, මඩ ගැසීම් කිරීම මිනිසත් කමට නිගාවක්මයි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…