අපේ සුරංගයාගේ අයියා රට ගියා ගියාමයි,ආය පැත්ත පලාතේ ආවෙ නෑ..පොඩ්ඩක් හොයලා කරලා බලද්දි,මුගෙ අම්මම තමයි මූට ලංකාවේ පස් පාගන්න එපා කියලා තියෙන්නේ..මට කිවුවේ සුරංගයාගේ නංගි. ලොකු පුතා අම්මට කෝල් කරනවා මේකි හොරෙන් අහන් ඉදලා…

පුතා:-අම්මා මට ඒඩ්ස් හැදුනා.

මව:-(මොහොතක් කල්පනා කර)
අනේ පුතේ ගෙදර නම් එන්න එපා.

පුතා:-ඒ මොකෝ අම්මෙ??

මව:-එපා කියන්නේ හැමෝගෙම හොදට මයෙ පුතේ
.
පුතා:-ඒ කියන්නේ??

මව:-(නැවතත් කල්පනා කර)..උබ ගෙදර ආවොත් ඕක උබේ ගෑනිටත් බෝ වෙයි.ගෑනිගෙන් උබේ මල්ලිට,මල්ලිගෙන් ගෙදර වැඩකාරිට,ඒකිගෙන් බොගේ තාත්තට,බොගේ තාත්තගෙන් මගෙ නංගිට.මගේ නංගිගෙන් ඒකිගේ මිනිහට.උගෙන් මට.මගෙන් වත්තේ වැඩ කරන කොලුවට.උගෙන් උබේ නංගිට.අපෝයියි…උබේ නංගිට ඕක හැදුනා කියන්නේ, මුලු ගමටම හැදුනා වගේ තමයි…

ඒ නිසා මගෙ බුදු පුතේ දෙයියන්ගේ නාමෙට උබ ඔහේටම වෙලා හිටපන්.ගෙදර පැත්ත පලාතෙවත් එන්න එපා…
(හොද වෙලාවට ඕකා ආවේ නැත්තේ.ආවනම් මාත් ඉවරයි..මාත් ඉතින් ලග පාතනේ.හුලගෙන් වත් බෝවුනොත්….) 😂😂😂