සුරංගයා ඔහොම හිටියට රාජ පෙලපතකින් පැවත එන පොරක්..එකක් නෙවෙයි රජ පවුල් දෙකකින්ම..ඔය රාජසිංහ රජ්ජුරුවෝයි,එංගලන්තේ එක්ක මොකක්ද හුටපටයක් තිබුනයි කියනවානේ..ඒකෙ ප්‍රතිපලයක් තමයි ඔය සුරාගෙ පරම්පරාව ..ඒක වැඩක් නෑ..වික්ටර් කීර්තිශ්‍රී මල්ලප්පු කියන්නේ සුරාගේ සීයා..නම දිග වැඩි හින්දා සීයාකාරයා ඔය ලියුම් කියුම් වැඩ වලට යොදාගත්තේ VK මල්ලප්පු කියලා..ඔන්න දවසක් සීයා බොහොම හදිසි වැදගත් රාජකාරී ලියුමක් ලියුවා..හුටා…..හදිස්සිය වැඩිකමට නම ලියලා තියෙන්නේ අකුරක් අඩුවෙන්.V මල්ලප්පු කියලා..කාලා වරෙන්කෝ..හදිසි ලියුමක් නිසා ආය ලියන්නත් බෑ..වැදගත් ලියුමක් නිසා කපන්න කොටන්නත් බෑ…ඒ කියලා රාජකීය නමේ අකුරු අඩුකරන්න පුලුවැනැයි….දැම්මා k අකුර කොහොමරි මෙන්න මෙහෙම

“V මල්ලප්පු K”