මිංචි(Mint) කොළ ඔබේ සම රැකගැනීමට ආකාර රැසකින් දායක වනවා. මිංචිවල අඩංගු කුරුලෑ මර්දන ගුණය වගේම සමේ තෙතමනය හා නැවුම් බව රැකීමටත් සහය වන්නක්. යෝගට් ශරීරයට පෝෂණ ගුණය ලබා දෙනවා පමණක් නොවේ. සමටද වාසි රැසක් ලබා ගතහැකි දෙයක්.
මිංචි(Mint) කොළ ඔබේ සම රැකගැනීමට ආකාර රැසකින් දායක වනවා. මිංචිවල අඩංගු කුරුලෑ මර්දන ගුණය වගේම සමේ තෙතමනය හා නැවුම් බව රැකීමටත් සහය වන්නක්. යෝගට් ශරීරයට පෝෂණ ගුණය ලබා දෙනවා පමණක් නොවේ. සමටද වාසි රැසක් ලබා ගතහැකි දෙයක්.එහි අඩංගු lactic acid සම වියළීමෙන් ආරක්ෂා කරනවා වාගේම zinc, calcium මගින් සැමට ක්ෂණිකව දීප්තිමත් බවක් ලබා දෙනවා. ඒ නිසා අපි මේ ඔබට අද හඳුන්වා දෙන ෆේස් පැක් එක පැහැපත් නිරෝගී සමක් කෙටි කලකින්ම ලබා දෙන්නක්.
අවශ්‍ය දෑ :
මිංචි කොළ කෝප්ප 1
යෝගට් හෝ මුදවපු කිරි කෝප්ප 1
ලෙමන් හෝ දෙහි යුෂ තේ හැඳි 1
මේ සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. භාවිතා කරන තෙක් ශීතකරණයක දමා තබන්න. මේ සත්කාරය සාර්ථක කරගැනීමට අවශ්‍ය තවත් scrub එකක් හා moisture pack එකක් ඕනේ.
මුහුණ ස්ක්‍රබ් කිරීමට
ඕට්ස් මේස හැඳි 2ක්
පොල්තෙල් මේස හැඳි 1ක්
ඕට්ස් හොඳින් කුඩු කරගෙන පොල් තෙල් හා මිශ්‍ර කරගන්න.
තෙතමනය සඳහා දමන පැක් එකට
පිපිඤ්ඤා පාළුවක්
කෝමාරිකා යුෂ මේස හැඳි 2-3ක්
පිපිඤ්ඤා හා කෝමාරිකා බ්ලෙන්ඩරයක දමා හොඳින් මිශ්‍ර කරගන්න.
දැන් ඔබ සාදාගත් මිශ්‍රණ තුනම ශීතකරණයේ දමන්න.
මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. උණු වතුරෙන් තෙමාගත් තුවායකින් හොඳින් මුහුණ සම්බාහනය කරන්න(විනාඩි 10ක් පමණ)
ඕට්ස් ස්ක්‍රබ් පැක් එක මුහුණ මත හොඳින් තවරා ගන්න. විනාඩි 20කට පසු අයිස් වතුරෙන් සෝදා හරින්න.
දැන් මිංචි යෝගට් පැක් එක ගනතට්ටුවක් සේ මුහුණේ හා ගෙලෙහි තවරන්න. විනාඩි 30කට පසු අයිස් වතුරෙන් සෝදා හරින්න.
මුහුණ හොඳින් පිසදා moisture පැක් එක දවසට තුන් වතාවක් විනාඩි 20 බැගින් ගලවා තබා සෝදා හරින්න.
දින 03 කට වරක් සති 4ක් වත් මෙම සත්කාරය කිරීමෙන් කැපී පෙනෙන වෙනසක් ඔබට බලාගන්නට පුළුවන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…