CookBookLK

මීට් ලෝලීන්ට අපූරු කෑමක් – මික්ස්ඩ් මීට් කරිය

සමහරු මස් මාළු නිතරම කනවා…සමහරු ඉඳහිට කනවා…සමහරු ෆුල් වෙජිටරියන්. ඉතින් අපි අද ඔයාලට කියන්න යන්නේ මුල් දෙවර්ගයට ගැලපෙන කෑම වට්ටෝරුවක්.

සමහරු මස් මාළු නිතරම කනවා…සමහරු ඉඳහිට කනවා…සමහරු ෆුල් වෙජිටරියන්. ඉතින් අපි අද ඔයාලට කියන්න යන්නේ මුල් දෙවර්ගයට ගැලපෙන කෑම වට්ටෝරුවක්. සමහරු සමහර මස් වර්ග කන්නේ නැහැ. විශේෂයෙන්ම හරක් මස්, ඌරු මස් වගේ ඒවා. සමහරු කුකුළු, හරක්, ඌරු, එළු කියල විශේෂයක් නැතිව කනවා. ඉතින් තමන් කන බොන විදිය අනුව සකසා ගන්න පුළුවන්, ඒත් මස් වර්ග කීපයක් එකතුවන තරමට රස වැඩි මස් කරියක් තමයි මේ මික්ස්ඩ් මීට් කරිය. මේ කරියේ මුල අපේ රටේ ලන්දේසි පාලන කාලය තෙක් දිව යන එකක්. ලන්දේසි නැතිනම් ඕලන්ද ජාතිකයින්ගෙන් අපිට උරුම වුණු දේවල් අතර ආහාර සංස්කෘතියකුත් තිබුනා. ඒ අතර මුලින්ම අපිට මතකෙට එන්නේ කෙසෙල් කොලේ ඔතලා අමුතුම පෙනුමකින් වගේම රැසකින් එන ලම්ප්‍රයිස්. මේ නියම ලම්ප්‍රයිස් එකක අනිවාර්යයෙන්ම දකින්න ලැබුණු කරියක් තමා මේ මිශ්‍ර මස් කාරිය. නියම කරිය හදා ගන්න නම් ඔයාලට කුකුළු මස්, හරක් මස්, ඌරු මස් සහ එළු මස් කියන වර්ග හතරෙන්ම ගන්න ඔයාලට සිද්ද වෙනවා. එත් ඉතින් ඔයාලා මේ හැම දෙයක්ම ගන්නේ නැතිනම් කන මස් වර්ගයකින් කිලෝ එකක් විතර අරන් මේ කරිය හදාගෙන රස බලන්න. ලම්ප්‍රයිස්ම ඕනේ නැහැ. පාන්, බත්, පරාටා මේ ඕනෑම කෑමක් එක්ක රසට බඩ පැලෙන්න කන්න පුළුවන් මේ කාරිය හදන හැටි බලමු.

අවශ්‍ය දේවල් :

හැම මස් වර්ගයකින්ම ග්‍රෑම් 250-300 බැගින්(කුකුළු මස් නම් ටිකක් වැඩි වුණත් කමක් නැහැ. තරමක කුකුලෙකුම ගන්න පුළුවන් නම් හොඳයි)
ලියාගත් රතු ළූණු ගෙඩි 6-7ක්
තලාගත් සුදු ළූණු බික් 4-5ක්
තරමක ඉඟුරු කැබැල්ලක්
සෝදා පිරිසිදු කර කබලේ බැද කුඩු කරගත් කුඩා වියළි ඉස්සන් හෝ කූනිස්සන් මේස හැඳි 3ක් පමණ
එනසාල් කරල් 10ක්
උළු හාල් තේ හැඳි බාගයක් පමණ
කොත්තමල්ලි කුඩු
සූදුරු කුඩු
මාදුරු කුඩු
ගා ගත් පොල් මේස හැඳි 2ක්
හාල් මේස හැඳි 2ක්
වියලි මිරිස් කරල් 10-12ක් පමණ
දෙහි ගෙඩියක්
මිටි කිරි කෝප්ප 2ක්
බටර් හෝ එළඟි තෙල්
කරපිංචා, සේර සහ රම්පා
ලුණු අවශ්‍ය තරම්

සාදන ආකාරය :

01) මස් වර්ග සියල්ල හොඳින් සෝදා ලුණු ටිකක්, කහ සහ ගම්මිරිස් ඇට කීපයක් දමා තම්බාගන්න. බාගෙට තම්බා ගැනීම හොඳටම ප්‍රමාණවත්. දැන් මේ මස් ටික වෙන්කරගෙන කුඩා කැබලි වලට කපා ගන්න.

02) තරමක ඇතිලියකට හෝ සාස්පානකට මස් වර්ග සියල්ල දමන්න. පොල් කිරි, ලියාගත් රතු ළූණු(ගෙඩි 3ක් පමණ), ඉඟුරු, සුදු ළූණු, රම්පා, සේර, කරපිංචා ඉත්තක්, සූදුරු කුඩු(තේ හැඳි 1ක්), මාදුරු කුඩු(තේ හැඳි බාගයක්), බැදගත් මිරිස් කුඩු(වියළි මිරිස් කරල් කළු වන තෙක් කබලේ බැද, කුඩු කරගන්න. මෙසේ සකසා ගැනීමෙන් කරියට හොඳ සුවඳක් වගේම රසයක් ලබාගන්න පුළුවන්.), උළු හාල්(තේ හැඳි කාලක්), එනසාල් කරල් 6-7ක්, ලුණු අවශ්‍ය පමණ දමා මිටි කිරි කෝප්ප 2ක සමග ලිප තබන්න. මද ගින්නේ පැය බාගයක් පමණ තම්බා ගැනීම සෑහේ.

03) වෙනත් තාච්චියක් ලිප තබා එයට බටර් හෝ ගිතෙල් මේස හැඳි 3ක් පමණ දමන්න. තෙල රත් වූ පසු කරිය එම තෙල් බඳුනට දමන්න. ඊට බැද කුඩු කරගත් ඉස්සන් සහ දෙහි ගෙඩියක් යුෂ එක් කර මිශ්‍ර කරන්න. තව විනාඩි කීපයක් පිසින්න.

04) වෙනම බඳුනකට කරපිංචා, ලියාගත් සේර තේ හැඳි 1ක්, රම්පා කැබැල්ලක්, ලියාගත් රතු ළූණු ගෙඩි 2-3ක්, හාල් මේස හැඳි 2ක්, ගාගත් පොල් මේස හැඳි 2ක්, එනසාල් 2-3ක් එකතු කර දුඹුරු පැහැ වන තෙක් බැද ගන්න. බ්ලෙන්ඩරයකට දමා පේස්ට් එකක් සාදා ගන්න. එය මස් කාරියට එකතු කරගෙන කරිය තරමක් හිඳෙන තෙක් තවත් විනාඩි 20ක් පමණ පිසින්න. ලිප වසා තවත් විනාඩි 30-45 පමණ බඳුන වසා තබා කෑමට ගන්න.

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago