අද ඔයාලට කියන මේ night face cream එක නිවසේදීම අඩු මුදලට පිළියෙළ කරගන්න පුළුවන් එකක්. ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඔයාලම සාදා ගන්න නිසා කිසිම අහිතකර බලපෑමක් නැහැ. ප්‍රථිපල නම් විස්මයජනකයි. මෙන්න ඒ විස්මිත night face cream එක
Night cream ගොඩක් අයගේ රූපලාවන්‍ය බඩු ගොන්නේ දකින්නම ලැබෙන දෙයක්. සමට Day cream සහ Night cream කියලා දෙවර්ගයක භාවිතා කරන්නේ ඇයි? ඒ සම දහවලට සහ රාත්‍රියට ක්‍රියා කරන දෙයාකාරය නිසාමයි. දිවා කාලයේදී සම බොහෝ විට ක්‍රියා කරන්නේ ආරක්ෂක පලිහක් විදියට. අව්වෙන්(UV කිරණවලින්), දූවිල්ලෙන්, දූෂණය වුණු වායු ගෝලයෙන්, බැක්ටීරියා වර්ධනයෙන්, කටුක දේශගුණයෙන් ආරක්ෂා කරන පලිහක් විදියට. අප නින්දට ගියත් සම රාත්‍රියටත් ක්‍රියාකාරී ව තිබෙනවා. දහවල් කාලයේ වුණු හානි යථා තත්ත්වයට ගෙන එන්න සම කටයුතු කරන්නේ රාත්‍රියට. මේ ක්‍රියාකාරිත්වයන් දෙවර්ගයට ගැලපෙන විදියට තමයි day cream සහ night cream නිෂ්පාදනය කරනු ලබන්නේ. Day cream එකක් මූලිකව සිදු කරන්නේ UV කිරණවලින් සම ආරක්ෂා කිරීම, සමේ තෙතමනය රැක ගැනීම, වයස්ගත වීම පාලනය වගේ දේවල්. සම ප්‍රතිනිර්මාණය වන රාත්‍රී කාලයට night cream එකක් මගින් සෛල, පටක අලුත්වැඩියාව වේගවත් කිරීම සිදු වෙනවා. සම ලස්සනට තබා ගන්න මේ දෙවර්ගයම හරි විදියට භාවිත කිරීම වැදගත්. එත් බාල ප්‍රමිතියේ ඒවා නම් නොවේ. ඒවා නිසා සැමට වන හානිය නැවත පිළිසකර කිරීම පහසු නැහැ. ඒ නිසා හොඳ ප්‍රමිතියේ ස්වභාවික අමුද්‍රව්‍ය සහිත ආලේපන වර්ග මිලට ගන්න අමතක කරන්න එපා. පුංචි ගැටළුවක් තිබෙනවා. එවැනි හොඳ වර්ගයේ නිෂ්පාදනවල අධික මිල. අද ඔයාලට කියන මේ night face cream එක නිවසේදීම අඩු මුදලට පිළියෙළ කරගන්න පුළුවන් එකක්. ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන ඔයාලම සාදා ගන්න නිසා කිසිම අහිතකර බලපෑමක් නැහැ. ප්‍රථිපල නම් විස්මයජනකයි. මෙන්න ඒ විස්මිත night face cream එක
තැඹිලි පාට දොඩම් ගෙඩියක මතුපිට ලෙල්ල(Orange Zest) ප්‍රවේසමෙන් ගාගන්න
හොඳ වර්ගයේ කහ කුඩු(කස්තුරි කහ) තේ හැඳි 1/2ක්
රස, වර්ණක නොයෙදූ යෝගට් කෝප්ප 1/2ක්
ලෙමන් යුෂ තේ හැඳි 1/2ක්
මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න. ගැලපෙන ක්ලේන්සර් වර්ගයකින් සම පිරිසිදු කර හොඳින් තෙත මාත්තු කර ගන්න. තුනී ස්තරයක් ලෙස ක්‍රීම් එක මුහුණ, බෙල්ල ප්‍රදේශවල ආලේප කරන්න. රාත්‍රිය පුරාවටම මුහුණේ ක්‍රීම් එක තිබෙන්නට හරින්න. වැඩිපුර ක්‍රීම් ටික සුලං නොවදින භාජනයක දමා ශීතකරණයේ තබන්න.දින 14ක් පමණ යන විට කැපී පෙනෙන වෙනසක් ඔයාලටම පෙනේවි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…