දකුණු සුඩානයේ උපන් Nyakim Gatwech ලෝක ප්‍රකට නිරූපණ ශිල්පිණියක්. ඇය ජනප්‍රිය වී ඇත්තේ වඩාත් ම අඳුරුම සමක් ඇති නිරූපිකාව ලෙසයි. අඳුරු රැජිණ(Dark Queen) යන අන්වර්ථ නාමයෙන් ඇය හඳුන්වන්නේ ඒ නිසාමයි.සමහරු පැහැපත් සමක් වෙනුවෙන් නොයෙක් රූපලාවන්‍ය සත්කාර, නිෂ්පාදන පසු පස යද්දී සමේ පැහැය රූමත් කම තීරණය කරන සාධකයක් නොවන බවට ඇය කදිම සජීවී නිදසුනක්.