CookBookLK

ඉක්මනට…පහසුවට…කටට රසට…one pot meal එකක්!

ලෝකේ දියුණු රටවල්වල උයන විදිය වගේම කන විදියකුත් තියනවා. අපි අද ඔයාලට කියන්න යන්නේ කම්මැලි කමින් පිරිච්ච දවසකට කටට රසට, පහසුවට ඉක්මනින් හදාගන්න පුළුවන් one pot meal එකක් ගැන. හැමදාම හොදි එක්ක බත් අනාගෙන කාපු අපිට වෙනස්ම විදියේ කෑමක් ලැබුණාම සැබෑ වෙනසක්.

ලෝකේ දියුණු රටවල්වල උයන විදිය වගේම කන විදියකුත් තියනවා. අපි අද ඔයාලට කියන්න යන්නේ කම්මැලි කමින් පිරිච්ච දවසකට කටට රසට, පහසුවට ඉක්මනින් හදාගන්න පුළුවන් one pot meal එකක් ගැන. හැමදාම හොදි එක්ක බත් අනාගෙන කාපු අපිට වෙනස්ම විදියේ කෑමක් ලැබුණාම සැබෑ වෙනසක්.

මොනවද මේ one pot meal කියන්නේ? එක පොට් එකේ කෑමක්. වෙනම හොදි නෑ. සෝස් නෑ. මැල්ලුම් නෑ. චිලි පේස්ට් නෑ. අඩුම තරමේ පපඩමක්වත් නෑ. කරන්න තියෙන්නේ එකම පොට් එකේ කෑම හැන්දක්, ගෑරප්පුවක් අරන් කන එක විතරයි.

පොඩි අයට ඉස්කෝලේ ගෙනියන්න, ඔයාට උදේට office ගෙනිහින් කන්න, කම්මැලි ඉරිදා නිවාඩුවට ගෙදර ඔක්කොම එක්ක හදාගෙන කන්න මෙන්න එක…

අද අපි ඔයාලට කියන්න යන්නේ ඉඳි ආප්ප පුලවෝ එකක් හදාගන්න හැටි. රෑ ගෙනත් ඉතුරු වුණු ඉඳි ආප්ප Fridge එකේ දාලා උදේට හදන්න ගන්න. ඉඳි ආප්ප ටික කෑලිවලට කඩලා ගන්න. ඒකටම තෙම්පරාදු කරපු කැරට්, ලීක්ස්, තම්බපු හරි ඩෙවල් කරපු චිකන් ටිකක්, සොසේජ් කරල් කීපයක්, නැතිනම් බේකන් ටිකක්, තව ඕනනම් බිත්තර 2-3ක් උනත් කමක් නැහැ දාන්න. රෑට හදලා ඉතුරු වුණු චිකන් කරිය වුනත් ගන්න පුළුවන්.

මේ තෙම්පරාදුවටම ගම්මිරිස්, කෑලි මිරිස් ටිකක්, පදමට ලුණු, තක්කාලි සෝස් ටිකක් දාලා Hot and Spicy විදියට ඉඳි ආප්ප ටික එක්ක කලවම් කරලා ගන්න. දැන් ඉතින් අමාරුම වැඩේ…ගන්න ඔයා ළඟ තියන හොඳම Pot එක…දා ගන්න ඉඳි ආප්ප පුලවෝ එක…ගන්න හැන්දක්, ගෑරප්පුවක්…ඉතිරි ටික නම් අපි කියන්නේ නැහැ…

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago