ඉතින් සුදු වෙන්න ආසා අයට අපි අද ගෙන එන්නේ වටිනා රූපලාවන්‍ය සත්කාරයක්. හැබැයි ලක්ෂ ගානක් යන්නේ නැහැ. කහ දොඩම් ගෙඩි කීපයක් විතරයි වැය වෙන්නේ.
අපේ ගොඩක් කාන්තාවන්ගේ හිතේ කොනක හැංගුණු එක පුංචි රහසක්, අහිංසක බලාපොරොත්තුවක් තමයි සුසුදු දිදුලන සමක උරුමක්කාරියක වන එක. විශේෂයෙන්ම මේ සුදු පැහැපත් සම කියන එක අපේ මේ ආසියානු කලාපයේ කාන්තාවන්ගේ හීනයක්. බටහිර රටවල අයගේ හැම කොහොමත් සුදුයි. සුදුමැලි පාටයි නේ. එයාලා කැමති ටිකක් ටෑන් වෙන්න. පැණි පාට නැතිනම් රන්වන් පාට ලබා ගන්න. කළු හම වුනත් ලස්සන දෙයක් විදියට එයාලා දකින්නේ. ඒත් මේ අපේ හැටිනේ. රස්සාවට ගියත් කැපිලා පේන්න, මග තොට ගියත් කැපිලා පෙන්න, දැන් අපේ අලුත් පරම්පරාව ඉන්ස්ටාග්‍රෑම්, ටික් ටොක් celebritiesලා වෙලානේ. Modeling වලට වුණත් වැඩි දෙනෙක් යොමු වෙනවා. එක අතකින් කැපී පෙනෙනවා වගේම ආදායම් මාර්ගත් විවර වෙනවා මේ සුදු, පැහැපත් පෙනුම නිසාවෙන්. ඉතින් සුදු වෙන්න ආසා අයට අපි අද ගෙන එන්නේ වටිනා රූපලාවන්‍ය සත්කාරයක්. හැබැයි ලක්ෂ ගානක් යන්නේ නැහැ. කහ දොඩම් ගෙඩි කීපයක් විතරයි වැය වෙන්නේ.
දොඩම් ගෙඩි 20ක්(සතියක් සඳහා)
පිරිසිදු කිරි ටිකක්
මී පැණි බෝතලයක්(හොඳම වර්ගයකින් ගන්න)
දෙහි ඇඹුල්
හාල් පිටි(තරමක කැබලි හිටින විදියට ගෙදරම කොටා ගන්න)
දොඩම් ගෙඩිවල ලෙලි පරිස්සමින් ඉවත් කරගන්න. ලෙලි ටික හොඳින් සෝදා පිරිසිඳු කර හැකි තාක් තෙත මාත්තු කර ඉවත් කරන්න. ඇතුලත සුදු පැහැ කොටස හැකි තාක් සූරා ඉවත් කරන්න.
දොඩම් ලෙලි කතුරකින් සිහින්ව කපා ගන්න. දින දෙකක් පමණ අව්වේ දමා වියලා ගන්න. බ්ලෙන්ඩරයකට දමා හොඳින් කුඩු කර ගන්න.
මේ පැක් එක භාවිතයට පෙර මුහුණ ස්ටීම් කර ගන්න. විනාඩි 10ක් පමණ ස්ටීම් කර ගැනීම සෑහෙනවා. ඉන් පසු කැබලි සිටින සේ කුඩු කර ගත් හාල් පිටි ටිකක් මී පැණි සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. මේ scrub එක හොඳින් කවාකාරව පිරිමදින්න. හාල් පිටි scrub එක ඉවත් වන තෙක් පිරිමැද තරමක් උණුසුම් වතුරින් සෝදා හරින්න.
කලින් පිළියෙළ කරගත් දොඩම් කුඩුවලින් තේ හැඳි 2ක් පීරිසියකට දමන්න. එයට නැවුම් කිරි(Fresh Milk) තේ හැඳි 2ක් එකතු කරන්න. මී පැණි තේ හැඳි 2ක් සහ දෙහි ඇඹුල් ස්වල්පයකුත් එකතු කර මිශ්‍ර කර ආලේපයක් සේ සකසා ගන්න.
දැන් මේ පැක් එක ප්‍රවේශමින් මුළු මුහුණේම ආලේප කරන්න(බෙල්ලද ඇතුළුව). පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න. එවිට තෙත ගතිය නැතිවී යනු ඇති.
පැය බාගයකට පමණ පසු වියලී ගිය පැක් එක හොඳින් ඉවත් වන සේ උඩු අතට පිරිමදිමින් ස්ක්‍රබ් කරන්න. සීතල වතුරෙන් සෝදා හැර හොඳින් තෙත මාත්තු කරන්න.
මේ රූපලාවන්‍ය සත්කාරය දින 90ක් නොකඩවා කරන්න. පළමු සතියේම සමේ දීප්තිමත් බවක් දකින්නට ඔයාලට හැකි වේවි සති අටකින් පමණ පසු සම සුදු වී පැහැපත් වන්නට පටන්ගෙන තිබෙනු දකින්නට ලැබේවි.
මේ කාලය තුල තෙල් කෑම, මස් මාළු ආහාරය තරමක් අඩු කර අලුත් එළවලු, පලතුරු, සලාද වගේ දේවල් වැඩිපුර ආහාරයට එකතු කරගන්න. වැඩිපුර වතුර බොන්න. කොළ කැඳ වගේ දේවල් උදෑසන ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන් නම් ගොඩක් හොඳ ප්‍රතිපල ලැබේවි. දොඩම් කුඩු සතියකට වරක් සාදා ගැනීම ප්‍රමාණවත්. අනෙක් අතට ලෙලි ඉවත් කළ දොඩම් ගෙඩි ටික මිරිකා යුෂ ශීතකරණයේ දමා තබන්න. උදෑසන හිස් බඩ බීමට ගන්න(සීනි වතුර නොයොදා). දොඩම් හොඳ විටමින් C ප්‍රභවයක්. මේ නිසා ඔබේ සමේ ලස්සන පවත්වාගන්නට උදව් වන කොලැජන් නිපදවීමට එය උදව් වනවා. දොඩම් වල ඇති ප්‍රතිඔක්සිකාරක නිසාවෙන් ශරීරයේ මුක්ත ඛණ්ඩක විනාශ කර සම අකලට වියපත් වීම වගේම, රැලි වැටීම් වළක්වනවා.
***මේ රූපලාවන්‍ය සත්කාරය උපුටා ගත්තේ ජනප්‍රිය කාන්තා සඟරාවක් වන කුසුම් පුවත්පතිනි.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…