CookBookLK

ඌරු මස් ගම්මිරිස් තියල් – අතිශයින්ම පෝක් රසිකයින්ට පමණයි

ඉතින් මමත් අද අපේ පෝක් රසිකයින් වෙනුවෙන්ම අපූරු recipe එකක් අරගෙන ආවා. මේ ඌරු මස් ගම්මිරිස් තියල හොඳටම ගැලපෙන්නේ පොල් රොටි හරි පරාට වගේ දෙයක් එක්ක.

යම් යම් ආගමික සහ වෙනත් විශ්වාසයන් එක්ක අපේ සමහරක් දෙනාගෙන් මේ වෙන කොට ටිකක් ඈත් වුණත් ඌරු මස් එක්ක බැඳුණු රසවත් වට්ටෝරු අපේ food culture එකේ තිබුණා. අදටත් අපි අතර මේ රස සොයා යන පෝක් රසිකයින් සෑහෙන පිරිසක් ඉන්නවා. පහු ගිය කාලේ අපේ සමාජ මාධ්‍යවල trending වුණ එක මාතෘකාවක් තමයි පොල් රොටි සමග පෝක් කරි. මේ රැල්ලට මුල්ගල තැබුවේ අපේ හිතවත් පවුලක සාමාජිකයෙක්. ඒ ප්‍රවීණ ඡායාරූප ශිල්පී, ලේඛක ඉන්ද්‍රනාථ තේනුවර මහත්මයා. ඒ පටන් ගැන්මත් එක්ක මේ පෝක් කරි, පොල් රොටි රැල්ල සෑහෙන දෙනෙක් අතරේ පැතිරිලා ගියා. මේ කොරෝනා එක්ක වෙනස්වුණු, හිරවුණු අපේ ජීවිතවලට තේනුවර ගුරුතුමා ක්‍රියාවෙන් පෙන්වපු පාඩම ලොකු එකක්. කොරෝනා එක්ක හිරවුණු අපේ ආර්ථික ප්‍රශ්නත් එක්ක කොරෝනාවට, සමාජයට, ලෝකයට සාප කරමින් ඉන්නවාට වඩා පේන වපසරියෙන් ඔබ්බට හිතලා(out of the box) ගොඩ යන්න හදන එකයි සැබෑ දක්ෂකම. ඉතින් මමත් අද අපේ පෝක් රසිකයින් වෙනුවෙන්ම අපූරු recipe එකක් අරගෙන ආවා. මේ ඌරු මස් ගම්මිරිස් තියල හොඳටම ගැලපෙන්නේ පොල් රොටි හරි පරාට වගේ දෙයක් එක්ක. ඉතින් ඔයාලත් හදලා බලන්න මේ අපූරු ඌරු මස් ගම්මිරිස් තියල..

***මේ වට්ටෝරුවේ තියෙන්නේ ඌරු මස් ග්‍රෑම් 500කට උවමනා පහේ ප්‍රමාණ. මේ තියල ඇත්තටම රස කිලෝ එකකින්වත් හැදුවොත්. එහෙම හදනවා නම් ගැලපෙන විදියට පහේ ප්‍රමාණ යොදන්න අමතක කරන්න එපා.

අවශ්‍ය ද්‍රව්‍ය:

කටු රහිත ඌරු මස් ග්‍රෑම් 500ක්
වියළි මිරිස් කරල් 5ක්
පොල් කෝප්ප 1/2ක්
අඟල් 1/2ක කුරුඳු පොතු කැබැල්ලක්
එනසල් 3ක්
කරාබු නැටි 3ක්
ගොරකා කැබලි 2ක්
විනාකිරි කෝප්ප 1/2ක්
කහ ස්වල්පයක්
ගම්මිරිස් ඇට මේස හැඳි 1ක්
කොත්තමල්ලි තේ හැඳි 1ක්
සූදුරු තේ හැඳි 1ක්
මාදුරු තේ හැඳි 1ක්
අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
සුදු ළූණු බික් 4ක්
සේර බඩයක්
රම්පෙ/කරපිංචා
රතු ළූණු ගෙඩි 6-7ක්

01) මුලින්ම පහේ පේස්ට් එක හදා ගමු. තාච්චියක් ලිප තබා, රත් වන විට කරපිංචා, රම්පේ, කරාබු නැටි, කුරුඳු පොතු සහ එනසාල් දමා විනාඩියක් පමණ කබලේ බැද ගන්න. ඊට ගම්මිරිස්, සූදුරු, මාදුරු, කොත්තමල්ලි සහ වියළි මිරිස් කරල් 2ක් දමා සුවඳ එනතෙක් බැද ගන්න. ඒ ටික තාච්චියෙන් ඉවත් කර ගන්න.

02) ඒ තාච්චියටම ගා ගත් පොල් කෝප්ප 1/2 දමා රන්වන් පැහැ වන තෙක් බැද ගන්න. පොල් රන්වන් පැහැයට හැරුණු පසු ලිප නිවා දමන්න. කලින් බැදගත් පහේ ටික සහ පොල් එකට දමා, කහ කුඩු තේ හැඳි 1/4ක් එකතු කර හොඳින් කොටා ගන්න.

03) දැන් මැටි ඇතිලියක් ලිප තබා රත්වන විට ඌරු මස් තෙල් කැබලි කීපයක් දමා තෙල් පාදෙන තුරු රත් කරගන්න. විනාඩි 6-7ක් පමණ යන විට තෙල් මතු වනු ඇති.

04) දැන් රත් වුණු තෙලට රතු ළූණු එකතු කරන්න. ළූණු බැදී ගෙන එන විට ඉතිරි වියළි මිරිස් කරල් 3, සිහින්ව ලියා ගත් අමු මිරිස් එකතු කරන්න. මේ ටික හොඳින් තෙම්පරාදු වන විට ඉඟුරු සුදුළූණු මිශ්‍රණය එකතු කරන්න. කහ කුඩු ස්වල්පයක් එකතු කර විනාඩි 2ක් 3ක් තෙම්පරාදු කරන්න.

05) දැන් ඌරු මස් ටික එකතු කර හොඳින් කලවම් කරන්න. දැන් ගොරකා කැබලි 2ක්, විනාකිරි එකතු කරන්න. රස අනුව ලුණු එකතු කරන්න. වතුර කෝප්පයක් එකතු කර හොඳින් වසා විනාඩි 10ක් තබන්න.

06) විනාඩි 10කින් පියන ඉවත් කර පහේ මිශ්‍රණය එකතු කරන්න. හොඳින් කලවම් කර තවත් විනාඩි 3–45ක් පිස ගන්න. දැන් අපේ ඌරු මස් ගම්මිරිස් තියල කෑමට සුදානම්. හොඳ උණු, උණු රොටි ටිකක් නැතිනම් පරාටා, එහෙමත් නැතිනම් ගෝදම්බ රොටි ටිකක් හදා ගත්තොත් කියාපු කෑම. එතන වෙනම ලෝකයක්, රසයක් මැවේවි.

Source: Kamani LIVE!
Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago