ආර්තවය ගැහැණු කමේ උරුමයක්. සලකුණක්. ආර්තව දරිද්‍රතාවය(Period poverty) සරල ලෙසින් හැඳින්වුවහොත් කාන්තාවන්ගේ මුලික අවශ්‍යතාවයක් වන ආර්තවය හා සම්බන්ධ සනීපාරක්ෂක නිෂ්පාදන පරිභෝජනයට ඇති බාධාවයි. මෙය මුලිකවම ආර්ථික ගැටළු නිසා ඇතිවන්නක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ආර්ථික, සමාජීය සහ ජීවන මට්ටම අතින් ලෝකයේ දියුණු යැයි සැලකෙන රටවල පවා අද වන විට මේ Period poverty සහ Menstrual Equity/Period Equity යන සංකල්පයන් බිහි වී තිබෙනවා.ඒ ගැන කතා බහ කෙරෙනවා. ඒ ආශ්‍රිත ගැටළුවලට විසඳුම් සෙවීමට ඒ රටවල් කටයුතු කරනවා.
පසුගිය දිනවල අප රටේ දේශපාලන වේදිකාවක කොනකින් මතුවී කෙටි කලෙකට trending වී ලත් තැනම ලොප් වී ගිය මේ මාතෘකාව ගැන, කාන්තා මට…ඔබට…වැදගත් මේ මාතෘකාව ගැන අද අපි කතා බහ කරන්නේ ජනප්‍රිය ලේඛිකාවක්, මුද්‍රිත(මුතුහර, සමුදුර, සෝදිසි ආදී), රූපවාහිනී(ලෝක සිතියම) සහ විද්‍යුත් මාධ්‍ය රැසක සංස්කාරවරියක සහ කාන්තා ගැටළු පිලිබඳ හඬ නගන සමාජ ක්‍රියාකාරිනියක්… නීතිඥවරියක්…සමග. ඇය නෙලුම් යාය පදනමේ වැඩසටහන් අධ්‍යක්ෂිකා රදිකා ගුණරත්න.