CookBookLK

සීතල දවසකට Hot & Spicy ඉස්සෝ මසාලා

අද මම ඔයාලට කියන්න යන්නේ දකුණු ඉන්දියානු ආභාසය ලබාපු ඉස්සෝ මසාලා කරියක් හදාගන්න විදිය.

දූපතක ජීවත් වෙන අපට මුහුදත්, මුහුදු ආහාරත් අරුම පුදුම දේවල් වුණේ නැහැ. රට වටා තිබෙන මේ වටිනා සාගරයේ මත්ස්‍ය සම්පතින් අපි හරි ප්‍රයෝජනයක් ගන්නවාද කියලා හිතෙන්නේ මාළුවල ගණන් ඇහුවම. විශේෂයෙන් ම ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ වගේ දේවල් special දවසක, special dish එකක් විදියට එකතු කරගන්න වෙලා තියෙන්නේ ඒ නිසා. ප්‍රෝටීන් බහුල මේ වර්ග කීපයට අකමැති අය නම් හොයා ගන්නත් නැති තරම්. මේ ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ එක්ක බැඳුණු රසවත් ආහාර වට්ටෝරු ගණනාවක් අපේ සූප ශාස්ත්‍රයේ හොයාගන්න පුළුවන්. අද මම ඔයාලට කියන්න යන්නේ දකුණු ඉන්දියානු ආභාසය ලබාපු ඉස්සෝ මසාලා කරියක් හදාගන්න විදිය. ඔයාලා එක පාරක් කෑවොත් ආයෙමත් හදනවාට කිසිම සැකයක් නෑ. එහෙම නම් වැඩි කතා නැතිව මේ Hot & Spicy ඉස්සෝ මසාලා එක හදන හැටි බලමු.

අවශ්‍ය දේවල් :

ඉස්සෝ(මධ්‍යම හෝ ජම්බෝ වර්ගයෙන්) 500g
පොල්කිරි මේස හැඳි 3ක්
මුදවපු කිරි හෝ ප්ලේන් යෝගට් කෝප්ප 1/2ක්
පොල් පේස්ට් (කරාබු නැටි 2ක්, එනසාල් 2ක්, ගා ගත් පොල් මේස හැඳි 2ක්, සුදු හාල් මේස හැඳි 1ක් වතුර ස්වල්පයක් දමා අඹරා ගත්)
රට කජු හෝ කජු ස්වල්පයක්
කරපිංචා ඉති 5ක් පමණ
රම්පා කැබැල්ලක්(කැබලි කපා ගන්න)
කහ කුඩු තේ හැඳි 1/4ක්
සූදුරු තේ හැඳි 1/4ක්
මිරිස් තේ හැඳි 1ක් හෝ 2ක්(අවශ්‍ය සැර අනුව)
අමු පහේ තේ හැඳි 1ක්
එනසාල්, කරාබු නැටි, බේ ලීව්ස්, අනිසි මල් කැබැල්ලක්(Star anise), වසාවාසි ස්වල්පයක්(තිබේ නම්)
අමු මිරිස් කරල් 2ක්(සිහින්ව කපා ගන්න)
ලියා ගත් තරමක බී ළූණු ගෙඩියක්
තරමක තක්කාලි ගෙඩි 2ක්(කැබලි කපා ගන්න)
අඹරා ගත් ඉඟුරු-සුදු ළූණු මේස හැඳි 2ක්
දෙහි ගෙඩියක්
ලුණු(රස අනුව)

සාදන ආකාරය :

01) ඉස්සන් හොඳින් සෝදා හිස ඉවත් කර, අනවශ්‍ය කොටස් ඉවත් කර පිරිසිදු කරන්න.(video එක බලන්න.) බොහෝ දෙනා මේ පිරිසිදු කිරීම හරි විදියට කරන්නේ නැහැ. ඉස්සන්ගේ ඇතුලත ඇති මේ අනවශ්‍ය අපිරිසිදු කොටස් ආහාරයට සුදුසු නැහැ. ඒ නිසා මේ දේවල් ඉවත් කරන්න.(මෙය හඳුන්වන්නේ ඩිවෙන් කිරීම – devein නමින්.) මේ recipe එකට පොතු ඉවත් කරනවා නම් හොඳයි. ඉස්සන් හොඳින් පිරිසිදු කර ගැනීම ප්‍රමාණවත්. කහ, ලුණු එකතු කරන්න එපා.

02) මැටි හට්ටියක් ලිප තබා තෙල් මේස හැඳි 3ක් එකතු කර රත්වෙන්න තබන්න. තෙල් රත් වුණු පසු තෙත බේරා ගත් ඉස්සන් එකතු කරන්න. විනාඩි කීපයක් ඉස්සන් රතු, තැඹිලි පැහැයට හැරී හොඳින් තෙලේ බැදෙන්න තබා වෙනම භාජනයකට ගන්න. ඉස්සන් බැදපු තෙල් මැටි හට්ටියේම තිබෙන්න හරින්න.

03) හට්ටියට තවත් තෙල් මේස හැඳි 2ක් එකතු කරන්න. තෙල් රත්වන විට ඉඟුරු-සුදු ළූණු පේස්ට් එක එකතු කරන්න. විනාඩියකින් සූදුරු එකතු කරන්න. අමු තුනපහ, කහ එකතු කරන්න.

04) බේ ලීව්ස්, කරාබු නැටි, අනිසි මල් කැබැල්ලක්, එනසාල්, වසාවාසි එකත් කරන්න. මිරිස් කුඩු එකතු කරන්න. මිරිස් තරමක් බැදෙන්න දෙන්න.

05) පොල් පේස්ට් එක එකතු කරන්න. පොල් පේස්ට් එක හොඳින් පහේ මිශ්‍රණය සමග එකතු කරන්න. හොඳින් බැදී තෙල් පෑදෙන තෙක් තබන්න. දැන් රම්පෙ, කරපිංචා, බී ළූණු, අමු මිරිස් එකතු කරන්න. රට කජු(අවශ්‍ය නම්) එකතු කර මිශ්‍රණය බැදෙන්න හරින්න. දැන් පොල් කිරි මේස හැඳි 3ක් එකතු කරන්න. මිශ්‍රණය බැදී තෙල් පෑදෙන විට මීකිරි හෝ යෝගට් එකතු කරන්න.

06) මිශ්‍රණය හොඳින් පිසී ගෙන එනවිට තක්කාලි එකතු කරන්න. විනාඩි 2-3කින් රස අනුව ලුණු සහ දෙහි එකතු කරන්න.

07) ඉස්සන් එකතු කර මිශ්‍ර කර පියන වසා විනාඩි 3-4ක් තබන්න. ලිපේ ගින්දර අඩු කර තබන්න. තෙල් ප්පදෙන විට ලිප නිවා මසාලා කරිය උණුවෙන්ම කෑමට ගන්න පුළුවන්.

Source: Kamani LIVE!
Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

1 day ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

2 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago