100% Feminine

Pussypedia – කාන්තාවන්ට පමණයි

කාන්තා ලිංගේන්ද්‍රිය වන යෝනිය ඇසුරු කරගෙන බිහි වූ අපූරු වෙබ් අඩවියක් සහ ප්‍රජාවක් ලෙස Pussypedia හඳුන්වන්නට පුළුවන්.

පැරණි වෛදික සමාජයේ විසූ බමුණන්ගේ මතය වුණේ ඔවුන් මහා බඹාගේ මුඛයෙන් පහල වූ කොටසක් යන්නයි. නමුත් වැදුම් ගෙට නෙත් යොමා බැලූ විට මහා බඹාගේ මුඛය කොතැනදැයි පහසුවෙන් වටහා ගන්නට පුළුවන්. මේ මුඛය පැරණි සමාජයන්හි පුජනීයත්වයෙන් සැලකූ සංකේතයක් වුණෙත් නව ජීවයකට ලෝකය දකින්නට බිහි දොර වන නිසාවෙන්. ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවය නව ජීවයේ නිර්මාණයට හේතුවන ජන්මානු යුග්මය වෙන වෙනම දරාගෙන ලිංගේන්ද්රියන් දෙවගකින් සමන්විතව නිර්මාණය වන්නේ සොබා දහමේ නියමයන්ට අනුකුලව. මෙහිදී පුරුෂ ලිඟු පිලි ගැනීමට හැකි, තමා වෙතට ඇතුළු කරගැනීමට, ඉන් නික්මෙන පුං ජන්මානු නොහොත් ශුක්‍රාණු තමා වෙත පිළි ගැනීමටත් තම පැලෝපීය නාලය ඔස්සේ ඒවාට ගමන් කිරීමට සලස්වා අග ඇති ඩිම්බ කෝෂයන්ගෙන් නික්මෙන ඩිම්බ හා සංසේචනය වීමට සලස්වා නව ජීවයකට උපත ලබා දෙන අපූරු, අරුම පද්ධතියක් ලෙස ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හඳුන්වන්නට හැකියි. පුරුෂ ලිඟුවල පිවිසුම් ද්වාරය මෙන්ම, නව ජීවයක බිහි දොර ලෙසද කටයුතු කෙරෙන මෙහි බැහැරට පෙනෙන කොටස නැතිනම් අවයවය යෝනිය(Vagina) ලෙස හඳුන්වන්නට හැකියි.මේ ලිපිය ලියන මමද ඇතුළුව ලෝක ජනගහනයෙන් බිලියන 3.84 ඉක්මවූ කොටසක් මේ අවයවය දරාගෙන ලිංගික වශයෙන් ස්ත්‍රී යන නම ලබා සිටින කොටසක්. ඒ සොබා දහමේ නියමය. මේ තුල කිසිඳු අසභ්‍ය බවක් හෝ සැඟවිය යුතු දෙයක් නැහැ. නමුත් වර්තමානයේ සභ්‍ය යැයි කියා ගන්නා ඊනියා රාමුව තුල මේ ලිංගේන්ද්‍රිය බලධරයා විසින් කපා හළ යුතු අසභ්‍ය දෙයක් වෙලා. නමුත් මේ ඒ ගැන කතා කරන, ස්ත්‍රීත්වය අගය කරන අපූරු වෙබ් අඩවියක් ගැන කතාවක්. ඉංග්‍රීසි වහරේ යෝනිය හඳුන්වන යම් ආකාරයක් ග්‍රාම්‍ය යැයි සැලකෙන “Pussy” යන වචනය ඇසුරෙන් නම් කළ Pussypedia.

Credit: https://www.facebook.com/PwordPedia/

www.pussypedia.net බිහිවන්නේ අපූරු චරිත තුනක සුසංයෝගයෙන්. ඒ ජනමාධ්‍යවේදිනියක්, ලේඛිකාවක් සහ පර්යේශිකාවක් ලෙස නම් දිනා ගත Zoe Mendelson, චිත්‍ර ශිල්පිනියක වන Maria Conejo සහ නිර්මාණ ශිල්පියෙකු මෙන්ම අධ්‍යාපනඥයෙකු වන Michael Yap ගේ එකතුවෙන්.

ඉංගීසි සහ ස්පාඤ්ඤ යන භාෂා දෙකෙන් ඉදිරිපත් කර ඇති මෙම වෙබ් අඩවියේ යෝනිය ද ඇතුළුව ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය පිලිබඳ සවිස්තරාත්මකව විස්තර කෙරෙන අතර පහසුවෙන් වටහා ගැනීම සඳහා 3D රූපක ඇසුරෙන් කළ නිර්මාණ ඇතුලත් කර තිබෙනවා. ස්ත්‍රී ලිංගික සහ ප්‍රජනක පද්ධතිය සම්බන්ධ වැදගත් මාතෘකා රැසක් පිලිබඳ ලිපි නිරන්තරයෙන් ඇතුලත් කරමින් වෙබ් අඩවිය යාවත් කාලින කිරීමට එහි නිර්මාපකයින් කටයුතු කරනවා.

Credit: https://www.pussypedia.net/
Credit: https://www.pussypedia.net/

නමුත් ඔවුන් අවධාරණයෙන් සඳහන් කරන්නේ මෙය යම් ආකාරයක අධ්‍යාපනික වටිනාකමකින් යුතු තොරතුරු ලබා දෙන ප්‍රජාවක් වුවත් කිසිඳු වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශයන් නිකුත් නොකරන බවයි. ඒ බැවින් මෙහි සඳහන් කරන කරුණු මත සිය ප්‍රජනක සෞඛ්‍ය තීරණය නොකළ යුතු බවයි.

***Facebook: https://www.facebook.com/PwordPedia/

***Instagram: https://www.instagram.com/pwordpedia/

Kamani AP

Kamani AP is the Co-founder of this Magazine. Beauty and intelligence are combined in this Zest Girl. She is Independent and Strong with the right Attitude and Knowledge to set the world on fire. She is a natural Zest Girl who loves design, travel, fashion and has developed this concept for all girls around the world. Kamani AP is an entrepreneur, writer, and Social media marketer currently living in Colombo, Sri Lanka which is the World Headquarters of Zest Girls.

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

4 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

5 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago