Bollywood

අතීත රණ ශුරයින්ගේ මතක සුවඳ ගෙන Panipat: The Great Betrayal

ඇෆ්ඝන් ආක්‍රමණිකයින්ට එරෙහිව 1761දී සිදු වූ ඓතිහාසික පනිපට් සටන මෙහෙයවූ රණ ශූරයෙකු වූ සදාශිව් රාඕට වයස අවුරුදු 30ක තරම් අඩු ජීවිත කාලයක සිය තුරුණු ජීවිතය මව් බිම වෙනුවෙන් පුද දෙන්නට වුණා. ආශුතොෂ් ගොවාරිකර්ගේ පනිපට් චිත්‍රපටය ඔහුගේ කතා පුවතයි.

මරාථා රට ජනයා භය නම් අසා නැති තරම්ය. සටන් බිමේදී ජය හෝ ප්‍රතිවාදියාගේ විනාශය මිස අතපය අහිමි වුවද, දිවි අහිමි වුවද පසු බස්නා පුරුද්දක් ඔවුනට නැත. මේ එවැනි මරාති යුධ වීරයෙකුගේ කතා පුවතයි. ඒ සදාශිව් රාඕ භෞ පේශ්වා සෙන්පතියාගේ කතා පුවතයි. ඇෆ්ඝන් ආක්‍රමණිකයින්ට එරෙහිව 1761දී සිදු වූ ඓතිහාසික පනිපට් සටන මෙහෙයවූ රණ ශූරයෙකු වූ සදාශිව් රාඕට වයස අවුරුදු 30ක තරම් අඩු ජීවිත කාලයක සිය තුරුණු ජීවිතය මව් බිම වෙනුවෙන් පුද දෙන්නට වුණා. ආශුතොෂ් ගොවාරිකර්ගේ පනිපට් චිත්‍රපටය ඔහුගේ කතා පුවතයි.

Historical period drama ගණයේ නිර්මාණයක් වන පනිපත් ප්‍රධාන චරිතය අර්ජුන් කපූර් විසින් රඟ දක්වනු ලබනවා. ඒ වෙනුවෙන් ඔහුට අපමණ කැප කිරීම් කරන්නට සිදු වූ බව අප මීට පෙර ලිපියක සඳහන් කළා ඔබට මතක ඇති.ස්වභාවයෙන්ම ස්ථුල ඔහුගේ සිරුර රණ ශුරයෙකුගේ චරිතයට උචිත සේ සකසා ගැනීමට බොහෝ ව්‍යායාම සේම ආහාර පාලනයේ යෙදීමට ඔහුට සිදුවුණා. චිත්‍රපටයේ ප්‍රධාන ප්‍රතිවාදියා වන අහමද් ශා අබ්දාලිගේ චරිතය නිරූපනය කරන්නේද සුළු පටු අයෙකු නම් නොවේ. ඒ ප්‍රවීණ නළු සංජය දත්. ඊට අමතරව ක්‍රිති ශැනන්, පද්මිණි කොල්හපූර්, සීනත් අමාන්, ශාහිල් සලාතියා සහ මොහ්නිෂ් භාල් සෙසු ප්‍රධාන චරිත රඟ දක්වනු ලබනවා. ආශුතොෂ් ගොවාරිකර්ගේ අධ්‍යක්ෂණයෙන් සහ සුනීතා ගොවාරිකාර්, රෝහිත් ශේලාත්කාර් නිෂ්පාදනයෙන් නිර්මාණය වන පනිපත් ඉන්දියානු රුපියල් කොටි 100ක පිරිවැයක් දරා නිපදවා තිබෙනවා. දෙසැම්බර් මස 06 තිරගත වීම ඇරඹි මෙම පනිපත් ඔබටත් ඔබේ ලඟම EAP මණ්ඩලයේ සිනමා හල් මගින් නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

Credit: Reliance Entertainment

**To book tickets online : Click Here

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

7 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago