මේ පද දෙපෙළ නිරායාසයෙන්ම හිතට ආවේ Ranu Mondal නිසාය. පසුගිය දින කීපයේ සමාජ ජාලවල මෙන්ම අන්තර්ජාලයේද trending වී ඇත්තේ ඇගේ කතාවයි. ඇය කවුද? මේ ඒ ගැන පුංචි සටහනක්.
The Caucasian Chalk Circle රචනා වූයේ බර්ටෝල් බ්‍රෙෂ්ට් අතිනි. එය අපට සුපුරුදු “හුණු වටයේ කතාව” බවට පත්වන්නේ හෙන්රි ජයසේන ශූරින් අතිනි. හදිසියේම හුණුවටයේ කතාව සිහියට නැගුණේ එහි තුබූ පද දෙපෙලක් නිසාවෙනි. ඒ,
දෙයක් වේ නම් යම් සුදුස්සාටම – අයිති විය යුතු
රියැදුරු මනාවූ – ලැබිය යුතු වූ සේම අස් රිය
මේ පද දෙපෙළ නිරායාසයෙන්ම හිතට ආවේ Ranu Mondal නිසාය. පසුගිය දින කීපයේ සමාජ ජාලවල මෙන්ම අන්තර්ජාලයේද trending වී ඇත්තේ ඇගේ කතාවයි. ඇය කවුද? මේ ඒ ගැන පුංචි සටහනක්.
උමන්දාවේ මහෞෂධ පණ්ඩිතයින් උපන්නේ සඳුන් කැටයක් මිට දරා ගෙන වුවත් රනු මොන්ඩාල් මෙලොව දකින්නේ දරිද්‍රතාවය උරුමය ලෙස ගෙනයි. ඇයගේ ජීවිතයේ මුල් දශක පහම වාගේ ගෙවෙන්නේ දුක් කටොලු සමගයි. මව්පිය සෙනෙහස මෙන්ම, ස්වාමියාගේ සෙනෙහසද තුරුණු වියේම අහිමි වන ඇය මහමග සාගින්නේ දුක් විඳි දින ගණන නම් නිනව් නැති තරම්. හදිසියේ ඇය කාගේත් අවධානයට ලක්වන්නේ කල්කටා, රනාගට් දුම්රිය පොළේ ඇය ගැයූ ගීතයක් සමාජ ජාල ඔස්සේ පැතිරෙන්නට වීමත් සමගයි. ෂෝර් චිත්‍රපටය සඳහා 1972දී ඇය ගැයූ “එක් ප්‍යාර් කා නග්මා හේ” ගීයයි. දශක පහක කටුක දෛවයේ පීඩා මැද කර්කෂ වුණු, වැහැරුණු රූපය පිටුපස සැඟවුණු දිව්‍යමය හඬ ඉන්දියාව පුරා ද, ලෝකය පුරාද පැතිර ගියේ කෙටි කලකිනි.
වෙබ් අඩවිවල ඇගේ කතාව පළ වන්නට විය. ඇගේ දස්කම් නැවත නැවත සමාජ ජාලවල දකින්නට ලැබුණි. ඇය සතු සහජ ගායන හැකියාව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වුණි. මේ අතර ඇයට අගනා අවස්ථාවක් හිමිවිය. දක්ෂයෙකුගේ ඇත හිත තවත් දක්ෂයෙකුට ලැබුණි. හිමේෂ් රේෂම්මියා බොලිවුඩයේ ජනප්‍රිය සංගීතඥයෙකි. නළුවෙකි. ගායකයෙකි. හිමේෂ්ගේ අලුත්ම චිත්‍රපට පසුබිම් ගීයේ සහය ගායිකාව වූයේ රනු මොන්ඩාල් ය. දැන් ඇය බොලිවුඩයේ චිත්‍රපට පසුබිම් ගායිකාවකි. දශක පහක් තිස්සේ විඳි දුක් කම්කටොලුවලට නැවතීමේ තිතක් තැබෙනු ඇති. කාන්තාවකගේ සාර්ථකත්වය වෙනුවෙන් කාන්තා අප තුල හද පතුලෙන්ම නැගෙන්නේ දැඩි සතුටකි. ඉතින් රනු දැන් ඔබේ කාලයයි. ඔබට සුබ අනාගතයක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…