සුවඳ…සුවඳ විලවුන් කියන්නේ කොහොමත් අනාදිමත් කාලෙක පටන් අපේ ජීවිතවලට සමීප දෙයක්. ඉන්දියානු, පර්සියානු කලාප එක්ක සමීප සම්බන්දකම් තිබුන අපිට සුවඳ විලවුන් අලුත් දෙයක් වුණේ නැහැ. ලස්සනට අඳින්න, පළඳින්න වගේම අනෙක් අයගේ හිත ඇඳ බැඳ ගන්න විදියට සුවඳට, ප්‍රසන්නව ඉන්න අපි හැමෝම කැමතියි. එකට ගැහැණු-පිරිමි, වයස් බේදයක් නැහැ. ඉතින් අපේ Zest Girls magazine එකෙන් පහුගිය කාලේම කතා කළේ ladies perfume ගැන විතරනේ. ගොඩක් අපේ රසිකයෝ කියපු දෙයක් තමයි හොඳ gents perfumes ගැනත් content කරන්න කියන එක. ඉතින් මේ #zestmen segment එකෙන් ඔයාලගේ ඒ ඉල්ලීම සපුරන්න අපි උත්සාහ කරනවා.

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ perfume වර්ග 4ක්. ඩොලර් එකේ වැඩි වීමත් බදු එකතු වීමත් එක්ක හොඳ branded products හැමදේම දෙගුණයකින් වගේ ගණන් ගියා. හොඳ branded perfume හැම එකක් ම වගේ ලොකු ගණනකින් වැඩි වෙලා. ඉතින් ඔයාලගේ budget එකට සෙට් වෙන හොඳම performance තියන යන යන තැන ඔයාලට ගොඩක් complements ලැබෙන හොඳම perfume වර්ග 04ක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වර්ග 4ම මම ම පාවිච්චි කරලා ලැබුණු අත්දැකීම් ඔයාලත් එක්ක බෙදා හදා ගන්න මේ සුදානම් වෙන්නේ.

අද අපි කතා කරන perfume වර්ග 4ම Rasasi කියන මැද පෙරදිග එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයිති perfume house එකේ නිෂ්පාදන. මේ හතරම බටහිර perfume brands වලට සාපේක්ෂව ගොඩක් මිලෙන් අඩු ඒත් performance අතින් සමහර වෙලාවට ඒ බටහිර නිෂ්පාදනවලටත් වඩා ඉදිරියෙන් තියන 4ක් කියන්න පුළුවන්. ගොඩක් perfume වර්ග එක්ක මගේ තියන පෞද්ගලික අත්දැකීම වගේම විලවුන් ලෝලීන් වැඩි දෙනෙක් පොදුවේ ඉදිරිපත් කරන මතයත් මේකමයි. අපේ Zest Girls magazine එකේ ඔයාලට අරගෙන එන හැම review එකකම වගේ අපි පුළුවන් තරම් අපේ අත්දැකීම් ඔයාලා එක්ක බෙදා හදා ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා product brands වලට වහල් නොවී අපේ අවංක අදහස් එක්ක ඔයාලට හොඳම දේ තෝරාගන්න අපිට උදව් කරන්න පුළුවන් වුණා කියලා සතුටු වන්න පුළුවන්. එහෙනම් බලමු කවුද මේ හොඳ complement gettersලා, beasts ලා හතරදෙනා කියලා.

Rasasi Hawas Pour Homme

මේ හතරෙන් ගොඩක් වෙලාවට ඔයාල වැඩි දෙනෙක් අහලා පුරුදු perfume එක තමයි මේ Rasasi Hawas Pour Homme කියන්නේ. මේ හතරෙන් ජනප්‍රියම එක. 2015දී නිකුත් කරපු මේ perfume එක Aromatic-Aquatic වර්ගයට අයිති එකක් කියන්න පුළුවන්. Paco Rabanne Invictus Aqua එකට හොඳ budget alternative එකක් විදියට තමයි මේ fragrance එක හඳුන්වන්නේ. ඒත් මේක Invictus Aqua clone එකක් කියලා කිව්වොත් වැරදියි. මේ perfume එක 2015දීත් Invictus Aqua 2016දීත් නිකුත් වෙන්නේ. Aqua මේ perfume එකේ structure එක කොපි කළා වෙන්න පුළුවන්. මේකේ Technical fragrance note pyramid එක ඔයාලට උඩ පින්තුරයෙන් බලා ගන්න පුළුවන්. ඇපල් එක්ක මුසු වෙච්ච aquatic-citrusy opening එකක් එක්ක වුණත් මේකේ අන්තර්ගත කුරුඳු සහ එනසාල් prominent වෙන විදියේ සුවඳක් ඔයාලට විඳින්න පුළුවන්. drydown එකත් එක්ක spicy vibe එකත් එක්ක fresh ගතියත් musk, patchouli සුවඳ මුසු වෙලා තියනවා දැනේවි. බය නැතුව ඔයාලට මේ perfume එක ඔයාලගේ signature perfume එක විදියට ඕනෑම තැනකට ඕනෑම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. office time එකට හොඳටම සෙට් වෙන perfume එකක් විදියට රසාසි හවාස් හඳුන්වන්න පුළුවන්. මුල් පැය 3ක විතර කාලයේ ඔයාලට හොඳ දැනෙන projection එකක් තියනවා වගේම longevity එක පැය 5-8ත් වගේ කියලා කියන්න පුළුවන්. මම මේ කිව්වේ skin එකේ perform කරන විදිය. ඔයාලගේ ඇඳුම්වල නම් මීට් වඩා වැඩි පැය කීපයක් මේ සුවඳ රැඳිලා තියේවි. සාමාන්‍යයෙන් මේ රසාසි හවාස් 100ml බෝතලයක් රු .20,000-22,000 අතර මිලකට ඔයාලට මිලදී ගන්න පුළුවන්. මේ වර්ග හතරම පෞද්ගලිකව පාවිච්චි කරලා මගේ අත්දැකීම් එක්ක මම දෙන පෞද්ගලික මනාපයෙන් 04 වැනි තැන තමයි මේ Original Rasasi Hawas Pour Homme 2015 release එක තියෙන්නේ. මිල, සුවඳ, performance කියන කරුණු මත මේ rating එක මම කරලා තියන බව අනෙක් review ටිකත් බැලුවම ඔයාලට වැටහේවි.

Rasasi Hawas Ice Pour Homme

Rasasi පවුලේ අලුත්ම release එක තමයි Rasasi Hawas Ice 2023 release එක. Original Hawas එක release කරලා අවුරුදු 8කට පස්සේ තමයි මේ අලුත් release එක නිකුත් කරන්නේ. මේ අලුත් Hawas Ice එක නිකුත් කරලා තවම මාසයක්වත් නැහැ. www.scentminis.lk එකෙන් මේ අලුත් release එකේ decant එකක් ගෙන්වා ගන්න මට පුළුවන් වුණා. ඒ නිසා ඉතා ඉක්මනින් ලංකාවේ ඔයාලට මේ ගැන මගේ review එක අරන් එන්න පුළුවන් වුනේ. Ice කියන නම වගේම මේ අලුත් release එක aquatic vibe එක වැඩි වෙන විදියට පරණ Original Hawas එක reformulate කරලා හදපු එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මට feel වෙන විදියට original hawas එකේ හොඳට දැනෙන spicy ගතියට වඩා හොඳින් fresh aquatic citrusy vibe එකක් මේකෙන් දැනෙනවා. මම මේ perfume එක තුන්වැනි තැනට තෝරන්න ප්‍රධාන හේතුව සුවඳ. Original Hawas එකේ spicy ගතිය වෙනුවට Mint වලින් icy cool vibe එකක් එකතු වෙලා තියනවා. Heart Notes වල අලුත් එකතුවක් විදියට දකින්න පුළුවන් Black Current. මේ නිසා මුල් Hawas එකට සාපේක්ෂව fruity touch එකක් දැනෙනවා. සඳුන් කියන්නේ perfume එකකට creamy woody ගතියක් එකතු කරන්න පුළුවන් ingredient එකක්. Overall combination එකත් එක්ක ඒ creamy woody ගතිය යන්තමින් වගේ drydown එකේදී ඔයාලට දැනේවි. ගොඩක් වෙලාවට ස්ත්‍රී පාර්ශවය මුල් Hawas එකට වඩා මේ Hawas Ice එකට ගොඩක් කැමති වේවි කියලා බය නැතුව කියන්න පුළුවන්. ඔයාගේ අවට ඉන්න අය කිසිම අපහසුතාවයකට පත් නොවෙන හොඳ crowd pleaser එකක්. performance නම් මුල් Hawas එකට සමාන මිසක් වැඩි නම් නැහැ. ඕනේ නම් ටිකක් අඩු ඇති. නියම Blue Aquatic fragrance එකක ලක්ෂණ ඔක්කොම තියන මේ 2023 අලුත්ම Hawas Ice 100ml බෝතලයක් ඔයාලට රු.23,500-26,000ත් අතර මිලකට ගන්න පුළුවන්. අලුත්ම release එක නිසා දැනට මේ හතරෙන් මිල වැඩිම එක මේ Hawas Ice එක කියන්න පුළුවන්.

Rasasi Shuhrah

දැන් අපි කතා කරන්නේ අපිට සුපුරුදු Blue fraganceවලට සාපේක්ෂව සම්පූර්ණයෙන් වෙනස් නිෂ්පාදනයක් ගැන. පාටින් ඔයාලට blue fragrance එකක් කියලා හිතුනට සම්පූර්ණයෙන් ම වෙනස් සුවඳක් මේ perfume එකෙන් ඔයාලට දැනේවි. මේ ඇත්තටම performance beast කෙනෙක්. Opening එක ගැන කිව්වොත් මේ හතරම එකම වෙලේ එකම තැනක ඔයා පරික්ෂා කළොත් අනිත් වර්ග තුනම යටපත් කරලා ඔයාට දැනෙන්නේ මේ perfume එකේ සුවඳ. Hawas Original වගේම 2015දී නිකුත් කරපු මේ Rasasi Shuhrah ප්‍රධානවම Woody Aromatic fragrance එකක්. මේක මට නම් පෞද්ගලිකව දැනෙන විදියට Green-Floral-Woody සම්මිශ්‍රණයෙන් හැදුන soapy vibe එකක් දෙන perfume එකක්. ඔයා perfume වර්ග අඩුම 200-300ක් සුවඳ බලලා තියන කෙනෙක් නම් අනිවාර්යයෙන් ම මේක නම් වෙනස්ම වෙනස් එකක් කියන එක එකවරම අඳුනා ගනීවි. සාමාන්‍යයෙන් අපිට perfume එකක දකින්න ලැබෙන්නේ නැති වෙනස් සුවඳක් මේකේ top note එකේ අන්තර්ගත වෙනවා. ඒ තමයි තක්කාලි කොල(Tomatoes leaves). තක්කාලි කොලයක් පොඩි කරලා සුවඳ බලලා අත්දැකීමක් තියන කෙනෙක් නම් මේකේ opening එකේදී ඒ සුවඳ අඳුරගන්න පුළුවන් වේවි. ඒ හරිත ගතිය එක්ක මල් සුවඳ හොඳින් දැනෙනවා. ඒ නිසා පොඩි unisex ගතියක් නැතුවාම නෙවි. ඒ දැනෙන්නේ රෝස, ෆ්රීසියා සහ පිච්ච සුවඳ. රෝස Top සහ Heart කියන notes දෙකේම අන්තර්ගත වෙලා තියනවා.(මොනවද මේ top, heart සහ base notes කියලා දැන ගන්න ඕනේ නම් මේ link එකෙන් බලන්න.) Woody සංඝටක විදියට සඳුන්, ඌද්(අගාර්වුඩ්), සීඩර් අන්තර්ගත වෙනවා. හැබැයි මේක සුපුරුදු rose-oud prominent perfume එකක් නම් නොවෙයි. වෙනස්ම සුවඳක්. වෙනසකට කැමති කෙනෙක් ට හරියටම හරියන perfume එකක්. මුල් පැය කීපයේ projection එක beast mode කියන්න පුළුවන්. Room filler එකක්. ඒ කියන්නේ ඔයා මේ perfume එක පාවිච්චි කරලා තැනකට ගියොත් එතන ඉන්න හැමෝටම දැනෙන්නේ මේ සුවඳ. පැය 6-8ක longevity එකක් මේක කිසිම සැකයකින් තොරව ලබන්න පුළුවන්. ඔයාගේ ඇඳුම් වල නම් දවසක් පුරා මේ සුවඳ රැඳිලා තියේවි. Drydown එකත් එක්ක woody notes මතුවෙන්න ගන්නවා. ඒත් පැහැදිලිව ඌද් මතු වෙනවා කියලා දකින්න නැහැ. ඇම්බර් නිසා දැනෙන sweet vibe එකත් සුවඳ අතරින් ඔයාලට දැනේවි. කොහොම නමුත් කාලෙකින් දැකපු හොඳ balance perfume එකක්. Floral-Soapy vibe එක නිසාම කාන්තා පාර්ශවයට වුණත් බයක් නැතිව පාවිච්චි පාවිච්චි කරන්න පුළුවන් කියන එක මගේ අවංක පෞද්ගලික අදහස. වතුරෙන් හේදුවත් ඔයාලට සම මත මේ සුවඳ රැඳිලා තියනවා දැනේවි. ඒ තරම් performanceවලින් ප්‍රබල එකක්. හොඳම blend එකක හොඳම complement getter එකක්. මිල අතින් සෑහෙන ඔයාලට වාසි perfume එකක්. 100ml බෝතලයක් සාමාන්‍යයෙන් රු.11,000-13,000ත් අතර මිලකට ඔයාලට ගන්න පුළුවන්.

Rasasi Daarej

අවුරුද්දේ ඕනෑම කාලෙක, දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම විදියේ තැනකට අවස්ථාවකට පාවිච්චි කරන්න පුළුවන් වීම Daarej අංක එකට තෝරා ගන්න හේතු වුණා. මේ සුවඳ ඕනෑම කෙනෙක්ගේ හිත ඇද ගන්න එකක්. කිසිම විදියක අපහසුකමක් නැහැ. මේ Rasasi Daarej නිකුත් වෙන්නේ 2017 අවුරුද්දේ. මූලිකවම Amber Spicy fragrance ගණයට දාලා තියන Daarej අපි කලින් කතා කරපු Rasasi Shuhrah තරම් soapy feeling එකක් දෙන එකක් නම් නොවෙයි. ඒ නිසාම හරිම වෙනස් හොඳ සමබර කිසිම කෙනෙක් අපහසුවට පත් නොවෙන අතිශය ආකර්ෂණීය සුවඳක් මේකෙන් විඳින්න පුළුවන්. මේ Daarej වල වෙනස් විදියේ spicy opening එකට හේතු වෙන්නේ Top notes වල අන්තර්ගත සූදුරු සහ එනසාල්. Artemisia කියන ඖෂධීය පැලෑටිය ත් Top Notes වල අන්තර්ගත වෙනවා. මේ නිසා spice vibe එක ගොඩක් dominate වෙලා අනිත් සුවඳ යටපත් කරන්න ලැබෙන්නේ නැහැ. Heart notes වල අන්තර්ගත Rose සහ Oriis මුල් ලොකු floral feeling එකක් අරන් දෙන්න සමත් වෙලා තියනවා. මොකද කිව්වොත් මේ orris මුල් කියන්නෙත් violate flower vibe එක දෙන සංඝටකයක්. මේ floral ගතිය හරිම ආකර්ෂනීයයි. අනිවාර්යයෙන්ම කාන්තා පාර්ශවය ඉතාමත් කැමති වෙන perfume එකක් කියන එක 100% සහතිකයි(පෞද්ගලික අත්දැකීමක් 😉😉😉😉😉) Rasasi Shuhrah සුවඳ සමහරුන්ට ටිකක් අමුතු විදියට දැනෙන්නේ පුළුවන්. ඒත් Rasasi Daarej නම් ඒ වගේ කිසිම අනියත බියක් ඇතිකරගන්න ඕනේ නැති හොඳම product එකක්. Daarej අංක එක වෙන්න ප්‍රධාන හේතුව තමයි ඒක. වැනිලා කියන්නේ perfume එකක් සම්පූර්ණයෙන් ම වෙනත් විදියකට formulate කරන්න පුළුවන් ingredient එකක්. මේ perfume එකේ Base notes වල තියන වැනිලා සහ Tonka bean කියන සංඝටක දෙකම හොඳ sweet vibe එකක් එකතු කරනවා. සඳුන්වල මට සුපුරුදු creamy ගතිය නම් වෙන් කරලා අඳුනගන්න අමාරුයි. sweet ගතිය එක්ක ඒ සඳුන් මිශ්‍ර වෙලා ඇති කියලා හිතන්න ගොඩක් ඉඩ තියනවා.ඉතින් මේ Sweet-floral-spicy blend එක පරිපූර්ණ එකක් කියන එක මගේ පෞද්ගලික අදහස. පැය 5-8ක longevity එක නම් කිසිම සැකයක් නැතිව අත්විඳින්න පුළුවන්. මට නම් සම මතුපිට පැය 10-12ක වෙලාවකට ඊටත් වඩා වැඩි වෙලාවක් සුවඳ රැඳිලා තියනවා අත්දකින්න පුළුවන්. ඇඳුම්වල නම් දවසක් සුවඳ රැඳෙනවා. projection, silage හොඳ මට්ටමක තියන perfume එකක්. බය නැතිව ඔයාගේ දිනපතා පාවිච්චි කරන signature perfume එක විදියට තෝරාගන්න පුළුවන්. මේ performance එක්ක මිල නම් අතිශය සාදාරණයි කියන එක මම හිතන්නේ. ඔයාලට 100ml බෝතලයක් රු.9,000-11,000ත් අතර මිලකට ගන්න පුළුවන්.

ඔයාට මේ perfume full bottle වෙළඳපොලේ අඩුම මිලට අතිශය විශ්වාසවන්තව ගන්න පුළුවන් හොඳම තැනක් තමයි The Brand කියන perfume shop එක. මේ link එකෙන් ඔයාලට The Brand එක්ක සම්බන්ද වෙන්න පුළුවන්. එකවර මිලදී ගන්න අපහසු අයට Koko භාවිතා කරලා කිසිම පොලියක් රහිතව ඔයාලගේ debit card එකෙන් වාරික 03කට කැපෙන විදියට පහසුවෙන් මිලදී ගන්න පුළුවන්.

ඔයාලට මේ perfume full bottle එකක් ගන්න කලින් පාවිච්චි කරලා බලලා අත්දැකීමක් ගන්න ඕනේ නම් හොඳම විදිය තමයි පුංචි ප්‍රමාණයක decant එකක් අරගෙන පාවිච්චි කරලා බලන එක. ඒක ඔයාගේ පසුම්බියටත් ඉතිරියක් වේවි. හිතට අල්ලන perfume එක පස්සේ කාලෙක බෝතලයක් ම අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ perfume වර්ග 04ම විශ්වාසනීය විදියට පහසුවෙන්ම ඔයාලගේ නිවසටම 5ml, 10ml කියන ප්‍රමාණ දෙකින් ඔයාල කැමති විදියකට decant ගන්න හොඳම තැන තමයි www.scentminis.lk කියන website එක. Koko, Mintpay කියන option දෙකම ඇතුලත් මේ website එකෙන් අඩුම මිලට ලෝකේ හොඳම Designer සහ Niche perfume වර්ග ගොඩක් මිලදී ගන්න පුළුවන්.