කාන්තා අයිතීන් වෙනුවෙන් නැගුණු ප්‍රබලම ශ්‍රී ලාංකික හඬ අද අපට අහිමි ය. අදින් හරියටම වසර 7 කට පෙර අපෙන් වියෝ වූ සුනිලා අබේසේකර සොයුරිය අමතක කර අපට ශ්‍රී ලංකාවේ ස්ත්‍රී වාදයක් ගැන කතාවක් නැත.  කාන්තා අරගලයක් ගැන කතාවක් නැත. 

අද අපේ මේ කතා බහ සුනිලා අබේසේකරයන්ගේ වියෝවේ දුක සිහිපත් කිරීමට නොවේ.  ඇගේ ජීවිතයේ ජයග්‍රහණයන්, සකල ශ්‍රී ලාංකික කාන්තා පරපුර වෙනුවෙන් ඇය ලැබූ ජයග්‍රහණ සැමරීමට මයි.