සැර සැර කෑම ජාතිම කාල ඇතිවෙලා ඉන්න අපිට ගමේ විදියට කන කෑම වේලක දැනෙන්නේ අමුතුම වෙනසක්. ඒ අපේ මුල් අපේ ගම, අපේ සංස්කෘතිය එක්ක මුහු වෙලා තිබෙන නිසා. පිට්ටුවක්, ඉඳිආප්ප ටිකක් වගේ කෑමක් ගමේ ගොඩේ හොද්දක් එක්ක රස විඳින කොට එතැන මැවෙන්නේ වෙනම ලෝකයක්. ඒ අත්දැකීම විඳින්න ම ඕනෑ එකක්. අද මම මේ කියලා දෙන්න යන්නෙත් ඒ වගේ ගමේ ගොඩේ හොද්දක් ගැන. ඉඳි ආප්ප කන්න කියාපු කරියක් මේ ගැට තක්කාලි කරිය. ටිකක් අමු තක්කාලි යොදාගෙන හදන මේ කරිය නිතර ඔයාලට නම් හදන්න ලැබෙන්නේ නැහැ. ඒ ඔයාල බදු ගන්න සුපිරි වෙළඳ සැල්වල මේ ගැට තක්කාලි හොයාගන්න නැති නිසා. ගමේ ගොඩේ, පොලේ ටිකක් ඇවිද්දොත් නම් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මම නම් මගේ ගෙවතු වගාවෙන් ගත්තු ගොරකා තක්කාලි වලින් තමයි මේ කරිය හැදුවේ. පොඩ්ඩෝ හරි ආසාවෙන් රස විඳින මේ කරිය නම් හදලාම බලන්න වටිනා එකක්. එහෙම නම් හදමු අපි අද ගැට තක්කාලි කරියක්.
ගැට තක්කාලි 5-6ක්(තරමක කැබලි කපා ගන්න)
අමු පහේ තේ හැඳි 1 1/2ක්
කහ කුඩු තේ හැඳි 1/2ක්
අබ තේ හැඳි 1ක්
උළු හාල් තේ හැඳි 1/2ක්
වියලි මිරිස් කරල් 2ක්(කැබලි කපා ගන්න)
ගොරකා කැබලි 2-3ක්(උණු වතුරේ දමා ගන්න)
තරමක බී ළූණු ගෙඩියක්(ලියා ගන්න)
සුදු ළූණු බික් 3-4ක්
අමු මිරිස් කරල් 2ක්(ලියා ගන්න)
දිය කිරි කෝප්ප 1/4ක්
මිටි කිරි කෝප්ප 2ක්
රම්පෙ කැබැල්ලක්
කරපිංචා ඉති 2-3ක්
කුරුඳු පොතු කැබැල්ලක්
උම්බලකඩ ස්වල්පයක්
සීනි, ලුණු රස අනුව
පොල් තෙල්
01) මැටි ඇතිලියක් ලිප තබා පොල් තෙල් මේස හැඳි 2ක් එකතු කරන්න. තෙල් රත්වන විට අබ එකතු කරන්න. අබ ඇට පුපුරන විට උළු හාල් එකතු කරන්න.
02) විනාඩියකට පසු වියලි මිරිස් සහ බී ළූණු එකතු කරන්න. සුදු ළූණු එකතු කර තවත් විනාඩියක් තෙලේ බැදෙන්න හරින්න.
03) දැන් රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු, අමු පහේ, කහ කුඩු එකතු කරන්න. අඩු ගින්දරේ සුළු වෙලාවක් කලවම් කර ලුණු එකතු කරන්න. දිය කිරි කෝප්ප 1/4 එකතු කරන්න.
04) උම්බලකඩ කැබලි මේස හැන්දක් එකතු කරන්න. තරමක් තැම්බෙන්න හරින්න.
05) මිටි කිරි කෝප්ප 2 දමන්න. ගැට තක්කාලි ටිකත් එකතු කරන්න. ගොරකා කැබලි කීපත් හොද්දට දමන්න.
06) විනාඩි 10ක් පමණ පියන වසා තැම්බෙන්න හරින්න. දැන් රස අනුව සීනි එකතු කරන්න. අඩු ගින්දරේ තවත් විනාඩි 5ක් පියන වසා පිස ගන්න. ලිප නිවා විනාඩි 5ක් පියන වසා ලිපේම තිබෙන්න හරින්න. දැන් ඉඳි ආප්ප මරුවා නැතිනම් ගැට තක්කාලි කරිය කෑමට සුදානම්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…