ඉතින් අද කියන්න යන්නේ අව්වේ පිච්චෙන අපේ දිරිය කාන්තා පරපුරට වටිනා රූපලාවන්‍ය සත්කාරයක්. ඒ සුදු හඳුන් සහ අමු කහ ෆේස් පැක් එක.
A/C එකක් ඇතුලට වෙලා චීස් කෑල්ල වගේ දිලිසි දිලිසි ලස්සනට ඉන්න අකැමැති කවුද? ඒත් ඉතින් අපි බහුතරයක් තාමත් ජීවිතේ ගොඩ නගන්න දවස පුරා අව්ව වැස්ස නොබලා දුවන පනින දිරිය ගැහැණු. ලස්සන ගැන හිතන්නත් ඕනෑ තමා. ඒ වුනාට ජීවන අරගලේ ඊට වඩා ලොකුයි. රැකියාව නිසා වෙන්න පුළුවන්, දරු මල්ලන්ගේ වැඩ නිසා වෙන්න පුළුවන් නැති නම් ගේදොර වැඩපල නිසා අපිට අව්වේ පිච්චි පිච්චි යන්න වෙනවා. ඉතින් මෙහෙම අව්වේ යන එක අපේ සමට හානියක්. ඉතින් අද කියන්න යන්නේ අව්වේ පිච්චෙන අපේ දිරිය කාන්තා පරපුරට වටිනා රූපලාවන්‍ය සත්කාරයක්. ඒ සුදු හඳුන් සහ අමු කහ ෆේස් පැක් එක.
මේ සත්කාරය සතියකට 03 වතාවක්වත් කරන්න පුළුවන් නම් අව්වෙන් හානි වුණු සම හොඳ තත්ත්වයකට ගන්න ලොකු පිටිවහලක් වේවි. සමේ ඇතිවන බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස්, කුරුලෑ කැළැල් සහ වෙනත් ආසාදන ගොඩකට වගේ මෙය හොඳ ප්‍රතිකර්මයක්. ප්‍රතිපල විශ්මිතයි. පාවිච්චිය පටන් ගත්තු දවසේ සිටම වෙනසක් දකින්නට ලැබීම ඔබටම පුදුමයක් වේවි.
සුදු හඳුන් කුඩු තේ හැඳි 5ක්(හොඳම වර්ගයෙන් ගන්න)
රෝස වතුර තේ හැඳි 4ක්
සිහින්ව අඹරා ගත් අමු කහ තේ හැඳි 1ක්
ෆ්‍රෙෂ් ක්‍රීම් තේ හැඳි 1ක්
මී පැණි තේ හැඳි 1ක්
01) අඹරා ගත් අමු කහ, සුදු හඳුන් කුඩු, රෝස වතුර හොඳින් මිශ්‍ර කර ගන්න. පේස්ට් එකක් ලෙසට සාදා ගන්න.
02) එයට මී පැණි සහ ෆ්‍රෙෂ් ක්‍රීම් මිශ්‍ර කරන්න. විනාඩි කීපයක් ශීතකරණයේ දමා තබන්න.
03) උණු වතුර හුමාලයෙන් විනාඩි 10ක් පමණ මුහුණ ස්ටීම් කර පිරිසිදු රෙදි කඩකින් පිස පිරිසිදු කරගන්න.
04) පේස්ට් එක ශීතකරණයෙන් ගෙන මුහුණේ සහ ගෙලේ ආලේප කරන්න. විනාඩි 40-45ක් පමණ තබා සිසිල් වතුරෙන් පැක් එක ඉවත් කර පිරිසිදු කරන්න.
05) සැර අඩු ක්‍රීම් වර්ගයක් මුහුණේ ආලේප කරන්න. හොඳ ප්‍රතිපල සඳහා සතියට 03වතාවක්වත් මේ ප්‍රතිකාරය කරන්න.
***මෙම රූපලාවන්‍ය සත්කාරය උපුටා ගැනීම “කුසුම්” පුවත්පත ඇසුරෙනි. මෙහි සම්පූර්ණ ගෞරවය එම පුවත්පත සතුය.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…