මහා කවි රබීන්ද්‍රනාත් තාගෝර්ගේ පවුලට ලඟින්ම නෑකම් කියන ශර්මිලා තාගෝර් 70 දශකයේ හින්දි සිනමා ලෝලීන්ගේ සිත් වසඟ කළ සරාගී රූසපුවක් තිබූ නිලියක්. 70 දශකයේ චිත්‍රපටයක් සඳහා වැඩිම මුදලක් අය කළ නිළිය ලෙස ය හඳුනවනවා. ඈ විවාහ වූයේ පතාවුදී හි නවාබ්වරයා මෙන්ම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරු මන්සූර් අලි ඛාන් සමග. ඔවුන්ගේ දරු තිදෙනා සායිෆ්, සෝහා සහ සාබා. මින් සායිෆ් අලි ඛාන් සහ සෝහා මවගේ ආදී පාරේ යමින් හින්දි සිනමාවට පිවිසුණා. සයිෆ් අද වනවිට හින්දි සිනමාවේ ප්‍රවීණ නළුවන් අතලොස්ස අතර සිටිනවා. දෙවරක් විවාපත් වූ සායිෆ්ගේ වත්මන් බිරිඳ ජනප්‍රිය නිළි කරීනා කපූර්. සායිෆ්ගේ පළමු විවාහයෙන් ඔහුට තරුණ වියට පත් දියණියක හා පුතෙකු සිටිනවා. දියණිය නමින් “සාරා අලි ඛාන්”.

සිය පියාගේත් රූපවාහිනී සහ සිනමා නිළියක වූ අම්රිතා සිංග් නම් මවගේත් ආදී පාරේ යමින් 2018දී සිනමා ලෝකයට පිවිසි සාරා කෙදර්නාත් සහ සිම්බා චිත්‍රපටවලින් සිය කුසලතා දැක්වුවා. මෙවර Filmfare සඟරාවේ මුල් පිටුව සරසන්නේ ඇය යි. මේ සාරා අලි ඛාන් Filmfare සඟරාවේ පෙනී සිටි රූ පෙළයි.

Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com
Image Credit : www.filmfare.com