අද කාලේ අපි ගෙවන්නේ හරි busy යුගයක්. අම්මා තාත්තා රැකියාවල. දුව පුතා ඉස්කෝලේ නැතිනම් ටියුෂන් පන්තිවල. ගෙදර සියලු දෙනාටම එකට කන්න බොන්න ලැබෙන්නෙත් කලාතුරකින්. හැමෝම තම ඇතැමුන්ගේ ඉලක්ක දිනන්න වෙන වෙනම තරඟයක. ඉලක්ක දිනන්න තමන්ගේ උත්සාහයෙන් මහන්සි වෙන එක අගය කළ යුතු දෙයක්. ඒත් ඔක්කොම දිනලා එනකොට ඒ ජය සමරන්න කවුරුවත් නැතිනම් ඒක ලොකු දුකක්. ඉතින් ගෙදර අම්මා නැතිනම් දුවගේ භූමිකාවේ ඉන්න ඔයාලට පවුලේ එකතුව වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ගොඩයි. ඒ මහන්සිය අපතේ යන දෙයක් නොවේ. ඒ නිසා දවසට බැරි නම් සතියකට වරක්වත් ගෙදර හැමෝම එකම මේසෙක එකම වෙලාවට කෑමට එකතු කරගන්න බලන්න. ඒ සුන්දර විශේෂ කෑම වේලට රස ගුණ වගේම ආදරණීය බව එකතු වුණු විශේෂ කෑමක් එකතු කරන්න අමතක කරන්න එපා. අද ඔයාලට කියන්න යන්නේ ඒ වගේ රස කෑම වේලක්. උතුරු අප්‍රිකානු වගේම මැදපෙරදිග කලාපෙත් උදෑසන කෑම වේලට එකතු කරගන්න අපූරු බිත්තර බැදුමක් ඒ තමයි මේ “ශක්ෂුකා(Shakshouka)“.
තරමක බී ළූණු ගෙඩියක් කුඩා කොටු ලෙස කපා ගන්න.
කුඩා කොටු කපා ගත් මධ්‍යම ප්‍රමාණයේ බෙල් පෙපර් කරලක්(රතු, කහ හෝ කොළ කැමති වර්ණයකින් හෝ කලවමේ)
අඹරා ගත් සුදු ළූණු බික් 3ක්
තක්කාලි පේස්ට් මේස හැඳි 2ක්
කුඩා කොටු කපා ගත් තරමක ලොකු තක්කාලි ගෙඩි 2ක්
තක්කාලි පියුරි(ගෙඩි 1කින් සාදා ගත්)
සූදුරු කුඩු තේ හැඳි 1ක්
පැප්රිකා තේ හැඳි 1ක්
මිරිස් කුඩු තේ හැඳි 1ක්
කෑලි මිරිස් තේ හැඳි 1ක්
සීනි තේ හැඳි 1ක්
ලුණු ස්වල්පයක්
අලුතින් කෙටූ ගම්මිරිස් කුඩු ස්වල්පයක්
කොත්තමල්ලි සහ පාස්ලි කොළ ස්වල්පයක්
අලුත් බිත්තර 6ක්
ඔලිව් තෙල් ටිකක්(පොල් තෙල් වුණත් ගන්නට පුළුවන්)
01) non-stick පෑන් එකක් ලිපතබා ඔලිව් තෙල් ස්වල්පයක් දමා රත්වෙන්නට තබන්න. ඔලිව් තෙල් වෙනුවට පොල් තෙල් වුනත් යොදා ගන්නට පුළුවන්. නමුත් නියම රස සහිත වට්ටෝරුවට නම් ඔලිව් තෙල් භාවිත කරන්න. තෙල් රත්වන විට බී ළූණු දමා මිනිත්තු 5ක් පමණ ළූණු තෙලේ තම්බෙන්නට හරින්න.
02) දැන් සුදු ළූණු, බෙල්පෙපර් එකතු කරන්න. මද ගින්නේ තවත් විනාඩි 5-7 පමණ තබන්න. හොඳින් කලවම් කරන්න.
03) තක්කාලි පේස්ට්, තක්කාලි කැබලි සහ තක්කාලි පියුරි එකතු කරන්න. සූදුරු කුඩු, පැප්රිකා කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, සීනි සහ ලුණු(අවශ්‍ය පමණට) එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ගම්මිරිස් කුඩු ස්වල්පයකුත් ඉසින්න. මිශ්‍රණය තරමක් හිඳෙන තෙක් මද ගින්නේ විනාඩි 15ක් පමණ තැම්බෙන්නට තබන්න.
04) මිශ්‍රණය සහිත බඳුනේ තැන තැන පතුල මතුවන තෙක් මතුකර ඒ තැන්වලට තෙල් ස්වල්පය බැගින් දමන්න. දැන් එම සිදුරුවලට බිත්තරය බැගින් පරිස්සමට කඩා දමන්න. වීදුරු පියනකින් වසා බිත්තර හොඳින් පිසෙන තෙක් විනාඩි 10-15ක් තබන්න. බිත්තර සුදු මදය සුදු පැහැ වී හොඳින් පිසෙන තෙක් තබන්න.
05) පියන ඇර උඩින් කොත්තමල්ලි/ පාස්ලි කොළ ටිකක් ඉස තවත් විනාඩි 2ක් වසා තබා ලිප නිවන්න.
06) බිත්තරය බැගින් වෙන වෙනම ගෙන පාන් ටෝස්ට් සමග ඔබට මෙය පිළිගන්වන්නට පුළුවන්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…