Beauty

Bleaching Cream ගැන බය හිතෙන කතාවක්

ඉක්මණින් සුදු වෙන එක අද අපේ කාන්තාවන්ගේ හීනයක් වගේම උන්මාදයක් වෙලා. හැමෝම ඉක්මනින් සුදු වෙන විදි හොයනවා. ඒ නිසාම වැඩිය හොයන්නේ බලන්නේ නැතිව විවිධ අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග(Bleaching Cream) ඔහේ හිතුමතේ භාවිතා කරන්න පුරුදු වෙලා.

ඉක්මණින් සුදු වෙන එක අද අපේ කාන්තාවන්ගේ හීනයක් වගේම උන්මාදයක් වෙලා. හැමෝම ඉක්මනින් සුදු වෙන විදි හොයනවා. ඒ නිසාම වැඩිය හොයන්නේ බලන්නේ නැතිව විවිධ අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග(Bleaching Cream) ඔහේ හිතුමතේ භාවිතා කරන්න පුරුදු වෙලා. ඉතා ඉක්මණින් සම සුදු පැහැ කරන නිසා මෙම ආලේපන වර්ගවල කොතරම් අහිතකර බලපෑම් තිබුනත් මේවා උණු කැවුම් වගේ අලෙවි වනවා දකින්න පුළුවන්.

බ්ලීචින් ක්‍රීම් මගින් ඇත්තටම සිදුවන්නේ සමේ තිබෙන ස්වභාවික මෙලනින් පාලනය කරමින් පිළිස්සුම් ක්‍රියාවලියක් හරහා ඉතා කෙටි කාලයකින් සම සුදු පැහැයට හැරවීම. මෙවැනි ක්‍රීම් වර්ග කාලයක් භාවිතා කර නතර කිරීමෙන් පසුව තිබෙන පැහැයද අඩුවී දුර්වර්ණ වී අසාත්මිකතා ඇතිවනවා දකින්නට පුළුවන්. ගොඩක් අය නොදන්නා ඒත් ඔබට භයානක ප්‍රතිපල ගෙනත් දෙන මේ බ්ලීචින් ක්‍රීම්වල අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය මොනවාදැයි බලමු.

අඩු මිලට වෙළඳ පොලේ අලෙවි වන ප්‍රමිතියෙන් තොර බ්ලීචින් ක්‍රීම් වර්ග බොහොමයක ප්‍රධානවම අන්තර්ගත වන්නේ Hydroquinone, Mercury, Steroids සහ Hydroxy Acid යන ද්‍රව්‍ය. Hydroquinone ඉතා කෙටි කලකින්ම මෙලනින් පාලනය කර සම සුදු කරත් අවධානම් සහිත පිළිකා කාරකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය අඩංගු ආලේපනයක් භාවිත කරන්නේ නම් මෙම රසායනිකය අඩංගු ප්‍රමාණය 2% වඩා නොවැඩි විය යුතුමයි. මෙය දිගු කාලීනව භාවිතයෙන් සමේ තැනින් තැන පුල්ලි ආකාරයෙන් සුදු සහ කළු පැල්ලම් දැක ගත හැකියි. Mercury අඩංගු ආලේපන භාවිතයෙන් සැමට පමණක් නොව ඔබ නොදැනුවත්ව වකුගඩුවල ක්‍රියාකාරිත්වයට ඉතාමත් අහිතකර බලපෑම් එල්ල වන්නට පුළුවන්. Steroids මගින් සම තුනී කරන අතර කෙටි කලකින්ම මුහුණේ නහර පෙනීමට පටන් ගන්නවා. Hydroxy Acid මගින් මැරුණු සෛල ඉවත් කිරීම සිදු වුනත් පසු කාලීනව සමේ පොතු ගැලවී යාම දකින්නට පුළුවන්.

Photo Credit : www.freepik.com

මෙවැනි අහිතකර ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ස්වභාවික ක්‍රමවලින් සමේ නිරෝගී බව වගේම පැහැපත් බව රඳවා තබා ගන්න පුළුවන් ක්‍රම මොනවාදැයි බලමු. සම නිතරම පිරිසිඳු ව තබා ගැනීමටත්, නිතරම පලතුරු ආහාරයට ගැනීමටත් වගේම දිනකට ජලය ලීටර 2ක්වත් පානය කිරීම මගින් නිරෝගී සමකට අවශ්‍ය පෝෂණ ගුණය ලබා ගන්නට පුළුවන්. කෝමාරිකා, කහ, සුදු හඳුන් වගේ ස්වභාවික ඖෂධ වර්ග වලින් වගේම විටමින් හා අඩංගු ආහාර පාන දෛනික ආහාර වේලට එක් කර ගත යුතුයි. හිරු කිරණවලට නිරාවරණය වීමේදී සුදුසු උසස් ප්‍රමිතියකින් යුතු Sunscreen එකක් භාවිතා කිරීමෙන් සම දුර්වර්ණ වීම පාලනය කරන්නට පුළුවන්.

Food photo created by lifeforstock – www.freepik.com

Hemantha Alwis

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

3 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

4 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago