Beauty

Bleaching Cream ගැන බය හිතෙන කතාවක්

ඉක්මණින් සුදු වෙන එක අද අපේ කාන්තාවන්ගේ හීනයක් වගේම උන්මාදයක් වෙලා. හැමෝම ඉක්මනින් සුදු වෙන විදි හොයනවා. ඒ නිසාම වැඩිය හොයන්නේ බලන්නේ නැතිව විවිධ අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග(Bleaching Cream) ඔහේ හිතුමතේ භාවිතා කරන්න පුරුදු වෙලා.

ඉක්මණින් සුදු වෙන එක අද අපේ කාන්තාවන්ගේ හීනයක් වගේම උන්මාදයක් වෙලා. හැමෝම ඉක්මනින් සුදු වෙන විදි හොයනවා. ඒ නිසාම වැඩිය හොයන්නේ බලන්නේ නැතිව විවිධ අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු ආලේපන වර්ග(Bleaching Cream) ඔහේ හිතුමතේ භාවිතා කරන්න පුරුදු වෙලා. ඉතා ඉක්මණින් සම සුදු පැහැ කරන නිසා මෙම ආලේපන වර්ගවල කොතරම් අහිතකර බලපෑම් තිබුනත් මේවා උණු කැවුම් වගේ අලෙවි වනවා දකින්න පුළුවන්.

බ්ලීචින් ක්‍රීම් මගින් ඇත්තටම සිදුවන්නේ සමේ තිබෙන ස්වභාවික මෙලනින් පාලනය කරමින් පිළිස්සුම් ක්‍රියාවලියක් හරහා ඉතා කෙටි කාලයකින් සම සුදු පැහැයට හැරවීම. මෙවැනි ක්‍රීම් වර්ග කාලයක් භාවිතා කර නතර කිරීමෙන් පසුව තිබෙන පැහැයද අඩුවී දුර්වර්ණ වී අසාත්මිකතා ඇතිවනවා දකින්නට පුළුවන්. ගොඩක් අය නොදන්නා ඒත් ඔබට භයානක ප්‍රතිපල ගෙනත් දෙන මේ බ්ලීචින් ක්‍රීම්වල අඩංගු අහිතකර රසායන ද්‍රව්‍ය මොනවාදැයි බලමු.

අඩු මිලට වෙළඳ පොලේ අලෙවි වන ප්‍රමිතියෙන් තොර බ්ලීචින් ක්‍රීම් වර්ග බොහොමයක ප්‍රධානවම අන්තර්ගත වන්නේ Hydroquinone, Mercury, Steroids සහ Hydroxy Acid යන ද්‍රව්‍ය. Hydroquinone ඉතා කෙටි කලකින්ම මෙලනින් පාලනය කර සම සුදු කරත් අවධානම් සහිත පිළිකා කාරකයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එය අඩංගු ආලේපනයක් භාවිත කරන්නේ නම් මෙම රසායනිකය අඩංගු ප්‍රමාණය 2% වඩා නොවැඩි විය යුතුමයි. මෙය දිගු කාලීනව භාවිතයෙන් සමේ තැනින් තැන පුල්ලි ආකාරයෙන් සුදු සහ කළු පැල්ලම් දැක ගත හැකියි. Mercury අඩංගු ආලේපන භාවිතයෙන් සැමට පමණක් නොව ඔබ නොදැනුවත්ව වකුගඩුවල ක්‍රියාකාරිත්වයට ඉතාමත් අහිතකර බලපෑම් එල්ල වන්නට පුළුවන්. Steroids මගින් සම තුනී කරන අතර කෙටි කලකින්ම මුහුණේ නහර පෙනීමට පටන් ගන්නවා. Hydroxy Acid මගින් මැරුණු සෛල ඉවත් කිරීම සිදු වුනත් පසු කාලීනව සමේ පොතු ගැලවී යාම දකින්නට පුළුවන්.

Photo Credit : www.freepik.com

මෙවැනි අහිතකර ද්‍රව්‍ය භාවිතයෙන් තොරව ස්වභාවික ක්‍රමවලින් සමේ නිරෝගී බව වගේම පැහැපත් බව රඳවා තබා ගන්න පුළුවන් ක්‍රම මොනවාදැයි බලමු. සම නිතරම පිරිසිඳු ව තබා ගැනීමටත්, නිතරම පලතුරු ආහාරයට ගැනීමටත් වගේම දිනකට ජලය ලීටර 2ක්වත් පානය කිරීම මගින් නිරෝගී සමකට අවශ්‍ය පෝෂණ ගුණය ලබා ගන්නට පුළුවන්. කෝමාරිකා, කහ, සුදු හඳුන් වගේ ස්වභාවික ඖෂධ වර්ග වලින් වගේම විටමින් හා අඩංගු ආහාර පාන දෛනික ආහාර වේලට එක් කර ගත යුතුයි. හිරු කිරණවලට නිරාවරණය වීමේදී සුදුසු උසස් ප්‍රමිතියකින් යුතු Sunscreen එකක් භාවිතා කිරීමෙන් සම දුර්වර්ණ වීම පාලනය කරන්නට පුළුවන්.

Food photo created by lifeforstock – www.freepik.com

Hemantha Alwis

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago