අද අපි ඔයාලට කියන්න යන්නේ වටිනා රහසක්. මේ special soup එක ඔයාලට සැබෑ වෙනසක් ගෙනත් දෙනවා සහතිකයි. ඈලි මෑලි කම් නැතුව හොඳ පණක් ඇතුව ෆිට් එකේ ඉන්න මේ Soup එක පුළුවන් නම් හැමදාම උදේට හදාගෙන බොන්න. වෙනස ඔයාලටම වැටහේවි. අත්දැකීමෙන් කියන්නේ.
වෙලාවකට උදේට ඇඳෙන් නැගිටගන්න බැහැ. ඇඟට පතට මෙලෝ පණක් නැහැ. මේ තමයි සමහර වෙලාවට අපේ දවස පටන් ගන්න හැටි. ශරීරයට හරි පෝෂ්‍යදායී ආහාර වේලක් ගත්ත නම් ඔක්කොම හරි. අද අපි ඔයාලට කියන්න යන්නේ වටිනා රහසක්. මේ special soup එක ඔයාලට සැබෑ වෙනසක් ගෙනත් දෙනවා සහතිකයි. ඈලි මෑලි කම් නැතුව හොඳ පණක් ඇතුව ෆිට් එකේ ඉන්න මේ Soup එක පුළුවන් නම් හැමදාම උදේට හදාගෙන බොන්න. වෙනස ඔයාලටම වැටහේවි. අත්දැකීමෙන් කියන්නේ.
කුකුළු මස් ග්‍රෑම් 250ක්
සුදු හෝ රතු කැකුළු සහල් මේස හැඳි 2-3ක්
පරිප්පු මේස හැඳි 2ක්
බාර්ලි මේස හැඳි 2ක්
කුඩා කැබලිවලට කපා ගත් අර්තාපල් අල කෝප්ප 1/2ක්
කැරට් කෝප්ප 1/2ක්
සුදු ළූණු බික් 4ක්
අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
ගම්මිරිස් ඇට තේ හැන්දක්
සැල්දිරි දඬු කැබැල්ලක්
සේර කැබැල්ලක්
වතුර කෝප්ප 4ක්
එළ කිරි කෝප්ප 1ක්
බටර්
ලුණු
01) බාර්ලි, පරිප්පු සහ සහල් හොඳින් සෝදා වෙන වෙනම භාජනවල දියේ දමා තබන්න.
02) ඉඟුරු-සුදුළූණු සුද්දකර කුඩා කැබලිවලට කපා ගන්න. නැතිනම් පේස්ට් එකක් සකසා ගන්න.
03) පිරිසිඳු සාස්පානක් ලිප තබා එයට බටර් මේස හැඳි 3ක් දමන්න. රත්වන විට කැරට්, සුදුළූණු-ඉඟුරු, සැල්දිරි සහ සේර ටික දමන්න. විනාඩි 2ක් පමණ බටර්වල තෙම්පරාදු කරන්න.
04) දැන් සාස්පානට කුකුළු මස් කැබලි, පරිප්පු සහ සහල් එක කරන්න. හොඳින් කලවම් කර විනාඩි 2-3ක් තෙම්පරාදු කරන්න. දැන් අර්තාපල් සහ බාර්ලි එකතු කර වතුර කෝප්ප 4ද දමන්න.
05) වතුර අඩක් පමණ වන තෙක් මද ගින්නේ පිසින්න. දැන් තරමක් නිවෙන්නට තබා සාස්පානෙන් බාගයක් බ්ලෙන්ඩරයකට දමා තරමක් කුඩා කැබලි වන තෙක් බ්ලෙන්ඩ් කරන්න. දැන් ඒ ටික සාස්පානට දමා නැවත අඩු ගින්නේ රත්වෙන්නට හරින්න.
06) උතුරන විට නැවුම් එළකිරි, ලුණු සහ ගම්මිරිස් එකතු කරන්න. තව විනාඩි 5ක් පමණ තබා ලිපෙන් බාගන්න.
මේ අපි දුන්න වට්ටෝරුව එක්කෙනෙකුට බඩ කට පිරෙන්න සෑහෙන එකක්. අඩුම තරමින් දවසක් හැර දවසක්වත් මේ සුප් එක හදාගෙන උදේට බීලා බලන්න. ටෝස්ට් කරපු පාන් පෙත්තක් නැතිනම් දෙකක් එක්ක.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…