කෘත්‍රිම දේවලින් තොරව ගෙදරදීම හදා ගන්න පුළුවන් හිසකෙස් සත්කාරක තෙල් වර්ගයක්. ඒ තමයි මේ "හත්තෙල". තෙල් වර්ග හතක එකතුවක්. කොණ්ඩේ යන එකට, අකලට සුදු වෙන එකට, ඇස්වලට සනීපයක් ලැබෙන්න, සුවබර නින්දකට, හිසරදෙන් ගැලවෙන්න, ඒ සියල්ලටම වඩා ඝනට, දිගට ලස්සනට කොණ්ඩේ වැවෙන්න මෙකී නොකී සියල්ලටම හත්තෙල ඔයාලට උදව් වේවි.
කේශ කල්‍යාණය කියන්නේ පංච කල්‍යාණයන්ගෙන් එකක්. හොඳ ඝනට දිගට වැඩුණු කෙස් කලඹක් ඕනෑම කාන්තාවකට ආභරණයක්. හැමෝගෙම, විශේෂයෙන්ම පිරිමින්ගේ හිත ඇද ගන්නා වශියක් වගේ. අද කාලේ කාන්තාවන්ගේ දැවෙන ප්‍රශ්ණයක් තමා කොණ්ඩේ සම්බන්ධ ගැටළු. එක්කොක් අකලට කොණ්ඩේ ඉදිලා, නැතිනම් කෙස් තුනී වෙලා, කොණ්ඩේ අහුරු ගණන් යනවා. බලු නගුටක් වගේ වෙලා. මේ වගේ නොයෙක් ගැටළු. මේ වෙනුවෙන් නොයෙක් පෝෂණ අතිරේක ගන්න වගේම, නානා විධ රූපලාවන්‍ය සත්කාර වලටත් ලොකු මුදලක් වැය කරන්න වෙලා. කොණ්ඩේ ලස්සනට කපන්න වගේම, අලුත් අලුත් පන්නෙට වර්ණ ගන්වන්න අපි කැමතියි. ගෑණු ඉතින් කොහොමත් styleවලට fashion වලට මුල්තැන නේ. ඒ වුනත් කරන දේ හරි විදියට, සුදුසු පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකු/ශිල්පිනියක ලවා කරගත්තේ නැතිනම් කොණ්ඩෙට දෙයියන්ගේ පිහිටම තමා.
අද මේ ගැන හිත හිත ඔයාලට අලුතෙන් මොනවද කියලා දෙන්නේ කියල පරණ පත්තර ගොඩ පෙරලාගෙන බලපු මට අපේ ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයාගේ “කුසුම්” පුවත්පතක තිබිලා අපූරු ලිපියක් ඇහැ ගැටුණා. කෘත්‍රිම දේවලින් තොරව ගෙදරදීම හදා ගන්න පුළුවන් හිසකෙස් සත්කාරක තෙල් වර්ගයක්. ඒ තමයි මේ “හත්තෙල”. තෙල් වර්ග හතක එකතුවක්. කොණ්ඩේ යන එකට, අකලට සුදු වෙන එකට, ඇස්වලට සනීපයක් ලැබෙන්න, සුවබර නින්දකට, හිසරදෙන් ගැලවෙන්න, ඒ සියල්ලටම වඩා ඝනට, දිගට ලස්සනට කොණ්ඩේ වැවෙන්න මෙකී නොකී සියල්ලටම හත්තෙල ඔයාලට උදව් වේවි.
පිරිසිදු සුදු පොල්තෙල් බෝතල් අරික්කාලක්(Extra Virgin Coconut Oil)
**මේ අන්තිම තෙල් වර්ග දෙක නම් ඉන්දියානු බඩු ගෙන්වා අලෙවි කරන වෙළඳ සැලකින් ලබාගන්නට පුළුවන්.
හොඳම වර්ගයේ එඬරු තෙල් බෝතල් අරික්කාලක්(Castor Oil)
තැඹිලි තෙල් බෝතල් අරික්කාලක්
ඔලිව් තෙල් බෝතල් අරික්කාලක්(Extra Virgin Olive Oil)
අරූද තෙල් අරික්කාලක්
තල තෙල් බෝතල් අරික්කාලක්
ආම්ලා ඔයිල්(නෙල්ලිවලින් සාදන තෙල්) බෝතල් අරික්කාලක්
මේ තෙල සාදාගන්න ඉතාම පහසුයි. තෙල් වර්ග සියල්ලම පිරිසිඳු බෝතලයකට එක් කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. බෝතලය උඩු යටිකුරු කරමින් මිශ්‍ර කරන්න. දින 2ක් පමණ වසා තබන්න. ඒ අතරතුරත් කීප වරක් බෝතලයේ තෙල් වර්ග හොඳින් මිශ්‍ර වන සේ උඩු යටිකුරු කර සොලවන්න.
සෑම දිනකම හවස 6න් පසු තෙල් මේස හැන්දක් වියලි හිස කෙස්වල තවරන්න. හැකිනම් මදක් රත්කර ගන්න. ඇඟිලි තුඩුවලින් හිස හොඳින් සම්බාහනය කරන්න. නින්දට යාමේදී හිසකෙස් ලිහිල්ව බැඳ ගන්න. උදෑසන තවත් තෙල් ස්වල්පයක් හිස් ගලවන්න. උදේ 9ට පෙර සැර අඩු ෂැම්පු වර්ගයක් ගලවා නා ගන්න. මාසයක් පමණ සත්කාරය නොකඩවා සිදුකර වෙනස අත්විඳින්න.
මෙම වට්ටෝරුවේ සියලු ගෞරවය “කුසුම්” පුවත්පත සතුය.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…