Beauty

හතේ බලෙන් සියලු හිසකේ රෝග නිවාරණයි

කෘත්‍රිම දේවලින් තොරව ගෙදරදීම හදා ගන්න පුළුවන් හිසකෙස් සත්කාරක තෙල් වර්ගයක්. ඒ තමයි මේ "හත්තෙල". තෙල් වර්ග හතක එකතුවක්. කොණ්ඩේ යන එකට, අකලට සුදු වෙන එකට, ඇස්වලට සනීපයක් ලැබෙන්න, සුවබර නින්දකට, හිසරදෙන් ගැලවෙන්න, ඒ සියල්ලටම වඩා ඝනට, දිගට ලස්සනට කොණ්ඩේ වැවෙන්න මෙකී නොකී සියල්ලටම හත්තෙල ඔයාලට උදව් වේවි.

කේශ කල්‍යාණය කියන්නේ පංච කල්‍යාණයන්ගෙන් එකක්. හොඳ ඝනට දිගට වැඩුණු කෙස් කලඹක් ඕනෑම කාන්තාවකට ආභරණයක්. හැමෝගෙම, විශේෂයෙන්ම පිරිමින්ගේ හිත ඇද ගන්නා වශියක් වගේ. අද කාලේ කාන්තාවන්ගේ දැවෙන ප්‍රශ්ණයක් තමා කොණ්ඩේ සම්බන්ධ ගැටළු. එක්කොක් අකලට කොණ්ඩේ ඉදිලා, නැතිනම් කෙස් තුනී වෙලා, කොණ්ඩේ අහුරු ගණන් යනවා. බලු නගුටක් වගේ වෙලා. මේ වගේ නොයෙක් ගැටළු. මේ වෙනුවෙන් නොයෙක් පෝෂණ අතිරේක ගන්න වගේම, නානා විධ රූපලාවන්‍ය සත්කාර වලටත් ලොකු මුදලක් වැය කරන්න වෙලා. කොණ්ඩේ ලස්සනට කපන්න වගේම, අලුත් අලුත් පන්නෙට වර්ණ ගන්වන්න අපි කැමතියි. ගෑණු ඉතින් කොහොමත් styleවලට fashion වලට මුල්තැන නේ. ඒ වුනත් කරන දේ හරි විදියට, සුදුසු පළපුරුදු රූපලාවන්‍ය ශිල්පියෙකු/ශිල්පිනියක ලවා කරගත්තේ නැතිනම් කොණ්ඩෙට දෙයියන්ගේ පිහිටම තමා.

People photo created by freepik – www.freepik.com

අද මේ ගැන හිත හිත ඔයාලට අලුතෙන් මොනවද කියලා දෙන්නේ කියල පරණ පත්තර ගොඩ පෙරලාගෙන බලපු මට අපේ ප්‍රවීණ මාධ්‍යවේදී සුජීව ප්‍රසන්න ආරච්චි මහත්මයාගේ “කුසුම්” පුවත්පතක තිබිලා අපූරු ලිපියක් ඇහැ ගැටුණා. කෘත්‍රිම දේවලින් තොරව ගෙදරදීම හදා ගන්න පුළුවන් හිසකෙස් සත්කාරක තෙල් වර්ගයක්. ඒ තමයි මේ “හත්තෙල”. තෙල් වර්ග හතක එකතුවක්. කොණ්ඩේ යන එකට, අකලට සුදු වෙන එකට, ඇස්වලට සනීපයක් ලැබෙන්න, සුවබර නින්දකට, හිසරදෙන් ගැලවෙන්න, ඒ සියල්ලටම වඩා ඝනට, දිගට ලස්සනට කොණ්ඩේ වැවෙන්න මෙකී නොකී සියල්ලටම හත්තෙල ඔයාලට උදව් වේවි.

අවශ්‍ය ද්‍රව්‍ය(මේ සඳහා පිරිසිඳු, උසස්ම ප්‍රමිතියේ තෙල් වර්ග සොයා ගන්න අමතක කරන්න එපා)

පිරිසිදු සුදු පොල්තෙල් බෝතල් අරික්කාලක්(Extra Virgin Coconut Oil)
හොඳම වර්ගයේ එඬරු තෙල් බෝතල් අරික්කාලක්(Castor Oil)
තැඹිලි තෙල් බෝතල් අරික්කාලක්
ඔලිව් තෙල් බෝතල් අරික්කාලක්(Extra Virgin Olive Oil)
අරූද තෙල් අරික්කාලක්
තල තෙල් බෝතල් අරික්කාලක්
ආම්ලා ඔයිල්(නෙල්ලිවලින් සාදන තෙල්) බෝතල් අරික්කාලක්

**මේ අන්තිම තෙල් වර්ග දෙක නම් ඉන්දියානු බඩු ගෙන්වා අලෙවි කරන වෙළඳ සැලකින් ලබාගන්නට පුළුවන්.

සාදන ආකාරය

මේ තෙල සාදාගන්න ඉතාම පහසුයි. තෙල් වර්ග සියල්ලම පිරිසිඳු බෝතලයකට එක් කරන්න. හොඳින් මිශ්‍ර කරන්න. බෝතලය උඩු යටිකුරු කරමින් මිශ්‍ර කරන්න. දින 2ක් පමණ වසා තබන්න. ඒ අතරතුරත් කීප වරක් බෝතලයේ තෙල් වර්ග හොඳින් මිශ්‍ර වන සේ උඩු යටිකුරු කර සොලවන්න.

භාවිතය

සෑම දිනකම හවස 6න් පසු තෙල් මේස හැන්දක් වියලි හිස කෙස්වල තවරන්න. හැකිනම් මදක් රත්කර ගන්න. ඇඟිලි තුඩුවලින් හිස හොඳින් සම්බාහනය කරන්න. නින්දට යාමේදී හිසකෙස් ලිහිල්ව බැඳ ගන්න. උදෑසන තවත් තෙල් ස්වල්පයක් හිස් ගලවන්න. උදේ 9ට පෙර සැර අඩු ෂැම්පු වර්ගයක් ගලවා නා ගන්න. මාසයක් පමණ සත්කාරය නොකඩවා සිදුකර වෙනස අත්විඳින්න.

මෙම වට්ටෝරුවේ සියලු ගෞරවය “කුසුම්” පුවත්පත සතුය.

Background photo created by freepik – www.freepik.com

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

6 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

7 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

7 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago