Hollywood

මකුළු වීරයාගේ වික්‍රම යලිත් – Spider-Man: Far From Home

එදා මෙදා තුර කොමික් පොත්වල පටන් කාර්ටූන් චිත්‍රපට, රූපවාහිනී කතා මාලා මෙන්ම සිනමා තිරයද දිග් විජය කළ Spider-Man ලොකු-කුඩා, බාල-මහලු සියලු දෙනාගේ හද දිනූ සුපිරි වීරයෙකු විය. මේ Spider-Man සිය රසිකයින් අතරට නැවත පැමිණියේ පසුගිය ජූලි 02වනදා ප්‍රදර්ශනය ඇරඹු Spider-Man: Far From Home සමගිනි.

නිව්යෝර්ක්, ෆොරස්ට් හිල්හි මිඩ් ටවුන් පාසලේ ඉගෙනුම ලබන පීටර් බෙන්ජමින් පාකර් විද්‍යා ලෝලී සිසුවෙකි. මව්පියන් නොමැති නිසාවෙන් ඔහු ජීවත් වන්නේ බෙන් මාමා සහ මේරි නැන්දා සමගය. දිනක් පාසලේ විද්‍යාගාරයේ දී පීටර් මුහණ පාන්නේ නොසිතූ අකරතැබ්බයකටය. විකිරණවලට නිරාවරණය වූ මකුළුවෙකු සපා කෑම සමග පීටර්ට මකුළු ගති පහල වන්නට විය. මකුළු දැල් විදීමට මෙන්ම මකුළුවෙක් මෙන් ඕනෑම උසකට, ගොඩනැගිල්ලකට ගමන් කිරීමට ඔහුට හැකි විය. මේ අපූරු කොලු ගැටයා තමන්ම නිර්මාණය කරගත් ඇඳුමක් සමග ලෝකය නපුරෙන් බේරා ගැනීමට පෙරට ආවේය. ඒ මකුළු මිනිසා නැතිනම් “Spider-Man” යන අන්වර්ථ නාමයෙනි. 1962දී මේ අපූරු මකුළු මිනිසා උපත ලබන්නේ Marvel විශ්වයේ සුපිරි වීරයන් රැසකට උපත දුන් ස්ටෑන් ලීගේ සහ ස්ටීවන් ඩිට්කෝ ගේ මනස් පුත්‍රයෙකු ලෙසිනි. එදා මෙදා තුර කොමික් පොත්වල පටන් කාර්ටූන් චිත්‍රපට, රූපවාහිනී කතා මාලා මෙන්ම සිනමා තිරයද දිග් විජය කළ Spider-Man ලොකු-කුඩා, බාල-මහලු සියලු දෙනාගේ හද දිනූ සුපිරි වීරයෙකු විය. මේ Spider-Man සිය රසිකයින් අතරට නැවත පැමිණියේ පසුගිය ජූලි 02වනදා ප්‍රදර්ශනය ඇරඹු Spider-Man: Far From Home සමගිනි.

Credits : Sony Pictures Entertainment

Avengers: Endgame තුලින් “Spider-Man” චරිතය මුණ ගැසුණත් අනෙක් අනෙක් සුපිරි වීරයන් අතර ඔහු එතරම් කැපී නොපෙනුනේ ඊට වඩා Antman, Captain America, Captain Marvel, Hulk වැන්නවුන් පෑ පෙළහර වැඩි නිසාවෙනි. අනෙක් අතට සිය ජීවිතයෙන්ද වටිනාකම ගෙවා මුළු චිත්‍රපටයම තම ග්‍රහණයට ගන්නට ටෝනි ස්ටාක් නැතිනම් Iron Man සමත්වී තිබුණි. නමුත් මේ අලුත් චිත්‍රපටය Spider-Manගේ වික්‍රමයන් වෙනුවෙන්ම වෙන් වී ඇති එකකි.

Credits : www.imdb.com

කතාව ඇරඹෙන්නේ තානොස්ගේ බල තණ්හාව නිසාවෙන් සිදුවූ විනාශය Avenger කණ්ඩායම නිසාවෙන් හැකි පරිදි පිළිසකර කිරීමෙන් පසුවය. පොදුවේ සෑම ඇවෙන්ජර් වීරයෙකු මෙන්ම පීටර් පාකර් ද ටෝනි ස්ටාක් ගේ වියෝව නිසාවෙන් කම්පනයෙන් සිටී. පාසල් මිතුරන් සමග යුරෝපයේ ක්ෂේත්‍ර චාරිකාවක සිටින පීටර් සිය පසුතැවිලි මැද වීර ක්‍රියා පසෙකට දැමීමට උත්සහ කරමින් සිටි. පෘථිවියට අලුත් තර්ජනයක් එල්ල වන්නේ මේ සමගය. අස්වාභාවික විශ්ව බලවේගයක් පෘථිවිය වෙත පැමිණේ. මේ හා සටනට එළඹෙන්නේ Nick Fury, Maria Hill සහ Quentin Beckය. අලුත් බලවේගය හා ගැටෙන්නට පෘථිවි වාසීන්ට හැකි වේවිද? ගේ වීර ක්‍රියා අතහැර දැමීමට උත්සහ කරන පීටර් පාකර්ට සිදුවන්නේ කුමක් ද? සියල්ල චිත්‍රපටය නැරඹීමෙන් ඔබට දැන ගන්නට හැකි වේවි.

Tom Holland, Samuel L. Jackson, Zendaya, Cobie Smulders, Jon Favreau, Marisa Tomei සහ Jake Gyllenhaal රංගනයෙන් දායක වන Spider-Man: Far From Home අධ්‍යක්ෂණය Jon Wattsගෙනි. සුපුරුදු ලෙසම Columbia Pictures, Marvel Studios සහ Pascal Pictures නිෂ්පාදනයෙන් දායක වී ඇත. බෙදා හැරීම් කටයුතු Sony Pictures Releasing මගිනි. සතියකට ආසන්න කාලයක් තුල ඇමෙරිකානු ඩොලර් මිලියන 578 ආසන්න මුදලක් උපයා ගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි Spider-Man: Far From Home IMDBහි 8.1ක අගයක් ගෙන ඇත. Rotten Tomatoes හි 90%ක අගයක් ගෙන ඇත.

***To book tickets online visit www.444.lk

Zest Girls Sri Lanka

We are the women of the world and have many more qualities: we are Sentimental, Intuitive, Strong & Powerful to make a difference in our world. The word “Zest” has many positive meanings: enthusiasm, passion, excitement & delight. So, our articles are focused on your development, to take care proper of you, to feel safe, to question those unfair situations etc., Zest Girls is here for you!

Recent Posts

Modern Polyandry

In a world that still whispers “one man, one woman” as the default setting for…

2 days ago

Feral Feminine Energy: Unleashing the Wild Within

In a world that often seeks to tame the untamed, there's a rising force that's…

3 days ago

Tygra – The Feral Queen: Crafting a Living Legend of Sovereign Femininity

Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…

4 weeks ago

Tygra – The Feral Queen: An Intimate Archetype

Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…

1 month ago

The Feral Queen’s Pride: How Tygra’s Polyandry Draws from Real History and Nature

In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…

1 month ago