ජනප්‍රිය බොලිවුඩ් නළු සුශාන්ත් සිංග් රාජ්පුත් සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වනවා. මිය යන විට 34 වන වියේ පසු වුණු ඔහු මානසික ගැටළු නිසා ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු බව පැවසෙනවා. මුම්බායි, බන්ද්‍රා හි සිය නිවසේ ගෙල වැල ලා මිය ගොස් සිටියදී ඔහුගේ සිරුර හමුවී තිබෙනවා.

M.S. Dhoni: The Untold Story, කෙදර්නාත්, PK, Raabta, Drive ආදී ජනප්‍රිය චිත්‍රපට රැසකට ප්‍රධාන චරිතවලින් රංගනයෙන් දායක වුණු සුශාන්ත් සිංග් රාජ්පුත් නැගී එන පරපුරේ ජනප්‍රිය නළුවෙකු ලෙස නම් දරා සිටියා.

සුශාන්ත් සිංග්ගේ කළමනාකාරිණිය වූ දීෂා සලියාන් ද දින කීපයකට පෙර සිය දිවි නසා ගැනීම විශේෂ සිදුවීමක් වනවා.