Beauty

සුදෝ සුදු පැහැපත් මුහුණක් ලබා ගන්නට…

කෙටි කාලෙකින්ම සුදෝ සුදු පැහැපත් මුහුණක හිමිකාරියක් වන්නට, ඔයාලට ගෙදරදීම සාදාගන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය විතරක් භාවිත වන වටිනා ප්‍රතිකාරයක් තමයි මේ...

Image credit : freepik.com

පැහැපත් සුසුදුවන් මුහුණකට කැමති නැත්තේ කවුද? විශේෂයෙන්ම තරුණ වයසේ ඉන්න කාන්තාවන්ගේ එක හීනයක්. දවසේ වැඩ රාජකාරිවලට අව්ව වැස්ස නොබලා යන්න වුණාම පැහැපත් බවට හානි වෙනවා. ඉතින් කෙටි කාලෙකින්ම සුදෝ සුදු පැහැපත් මුහුණක හිමිකාරියක් වන්නට, ඔයාලට ගෙදරදීම සාදාගන්න පුළුවන් ස්වාභාවික අමුද්‍රව්‍ය විතරක් භාවිත වන වටිනා ප්‍රතිකාරයක් තමයි මේ…


අවශ්‍ය ද්‍රව්‍ය :

දාස් මල් දෙකක පෙති, නැවුම් කිරි(Fresh Milk) මේස හැඳි 4ක්, වැල්මී කුඩු තේ හැඳි 2ක්,අඟලක පමණ ඝනකම පිපිඤ්ඤා පෙත්තක්, දොඩම් ගෙඩියක ලෙල්ල, කෝමාරිකා යුෂ මේස හැඳි 2ක්

මේ සියල්ල එකට දමා බ්ලෙන්ඩර් කර ක්‍රීම් එකක් ලෙස සකසා ගන්න. හොඳින් පිරිසිදු කරගත් මුහුණේ මෙම මිශ්‍රණය ආලේප කර විනාඩි 25ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු මදක් උණුසුම් ජලයෙන් සෙමින් අතුල්ලා සෝදා හරින්න. හොඳින් තෙත ඉවත්කර වියලුනු පසු සිතල ජලයෙන් පෙඟවූ පුළුන් කැබැල්ලකින් පිස දමන්න. සති කීපයක් මේ ප්‍රතිකාරය නොකඩවා සිදුකරන විට වෙනස ඔයාලටම දකින්නට ලැබේවි.

Hemantha Alwis

Recent Posts

අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වෙයි!

ජනප්‍රිය ගායක අතුල ශ්‍රී ගමගේ මහතා අභාවප්‍රාප්ත වූ බව Zest Girls රසික සමූහය වෙත සංවේගයෙන්…

9 months ago

සීතල දවසක උණුසුම් හැගීමකට…. Lattafa Oud Lail Maleki

මේ Lattfa perfume අතර මිලෙන් සාපේක්ෂව අඩු, ඒත් හොඳම සුවඳක් වගේම හිතාගන්න බැරි performance පෙන්වන…

10 months ago

ඕනෑම තැනකට සෙට් වෙන budget option හතරක්…RASASI Perfume Review

අද අපි ඔයාලට review එකට අරගෙන ආවේ මේ කාලේ හැටියට සාක්කුවටත් දරන්න පුළුවන් ගානේ හොඳ…

10 months ago

ඇදුම් මහපු කාලේ ඉවරයි!

මේ තරම් කාලයකට අපිට අහන්න ලැබුණේ, දකින්න ලැබුණේ මහපු ඇඳුම්. අපි අඳින්නෙත් මහපු ඇඳුම්. ඒත්…

2 years ago

The importance of aftercare after SEX

Post-sex care and connection are so important as they can trigger so many traumas in…

2 years ago

කන්න හිතෙන සුවඳ

Pop corn කියන්නේ වයස් භේදයක් නැතුව අපි ගොඩක් දෙනෙක් කන්න කැමති කෑමක්. විශේෂයෙන් ම ගෙදරින්…

2 years ago