අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ වගේ අව්වට පිළිස්සුනු සම නැවත ඉක්මනින් යථා තත්වයට පත්කරන්න නිවසේදීම පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම 03ක් ගැන…
මේ දිනවල අව් රැස් තරමක් වැඩියි. එදිනෙදා කටයුතු සඳහා ඔබටත් මේ තද අව්වේ එහෙ මෙහෙ දුවන්නට වෙන එක අනිවාර්ය දෙයක්. මේ තද අව් රැස් ඔබේ සම දුර්වර්ණ කරන්න, පිළිස්සුනු ස්වභාවයට පත්කරන්න හේතු වෙනවා. මේ ගැටලුව අද අපි බොහෝ දෙනෙක්ට තිබෙන දෙයක්. අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ මේ වගේ අව්වට පිළිස්සුනු සම නැවත ඉක්මනින් යථා තත්වයට පත්කරන්න නිවසේදීම පහසුවෙන් කරන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම 03ක් ගැන…
01) ප්‍රතිකාර ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය : මී කිරි මේස හැඳි 2ක් / කඩල පිටි මේස හැඳි 2ක්
මේ දෙවර්ගය හොඳින් මිශ්‍ර කර මුහුණේ සහ සමේ ආලේප කරන්න. විනාඩි 25ට පසු මද උණුසුම් වතුරින් සෝදා හරින්න. අවශ්‍ය නම් මොයිස්චරයිසින් ක්‍රීම් ස්වල්පයක් ආලේප කරන්න.
02) ප්‍රතිකාර ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය : දෙහි මේස හැඳි 2ක් / කෝමාරිකා මදය අවශ්‍ය ප්‍රමාණයට
මේ දෙක හොඳින් මිශ්‍ර කර ආලේප කර විනාඩි 25ට පසු මද උණුසුම් වතුරින් සෝදා හරින්න.
03) ප්‍රතිකාර ක්‍රමය
අවශ්‍ය ද්‍රව්‍ය : දෙහි යුෂ මේස හැඳි 4ක් / කස්තුරි කහ මේස හැඳි 1ක්
මේවා හොඳින් මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 30ට පමණ පසු සෝදා හරින්න.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…