සියලුම රජයේ පාසල් සඳහා දෙවන පාසල් වාර නිවාඩුව හෙට(ඔක්තෝබර් 05) සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා. එය පෙර සැලසුම් කර තිබුණේ ඔක්තෝබර් 09 වන සිකුරාදා සිට ක්‍රියාත්මක කිරීමටයි. කොළඹ අග රදගුරු මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ රජයේ මෙම තීරණයට සමගාමිව හෙට සිට දිවයින පුරා සියලුම කතෝලික පාසලවලද නිවාඩු ප්‍රකාශ කර ඇති බවයි.