2020 උදා වූ නව වසර අපේ පාඨක පිරිසටත්, මුළු මහත් ශ්‍රී ලාංකික ප්‍රජාවටත් සාමය සතුට සපිරුණු සුබ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. වෙනස් නොවන එකම දේත් වෙනස් වීම කියා කියන්නා වගේ අලුත් වසරට අලුත් වෙනසකින් ඔබ මුණ ගැසෙන්නට අපි තීරණය කළා. අද හෙටම ඒ අලුත් වෙනස අරගෙන අපේ සඟරාවෙන් ඔබ මුණ ගැහෙන්න මමත්, අපේ Zest Girls Sri Lanka කණ්ඩායමත් පුල පුලා බලා සිටිනවා. මේ මොහොතේ පවා ලහි ලහියේ අපේ මේ සූදානම ඔබේ දැනුමට අලුත්, හරවත් යමක් එකත් කරන්නට. විඳින්නට අවැසි ජීවිතේ සුන්දර ලෙසම විඳින්නට දෙයක් එකතු කරන්නට. ඒ වෙනුවෙන් සැකසු අලුත් විශේෂාංග රැසක් 2020දී ඔබට අපෙන් තිලිණ කරන්නට මේ සුදානම. විශේෂයෙන් ම අද හෙට එළි දකින අපේ වීඩියෝ ලිපි පෙළ ඔබට නවමු, වෙනස් අත්දැකීමක් වේවි කියා අප සිතනවා. ඉතින් Zest Girls සමග මේ සුන්දර සුසංයෝගය තවත් ජීවිතයට ලංකරගෙන සාරවත්, හරවත් සුන්දර අනාගතයකට පිය නගන්නට ආරාධනා…