ශ්‍රී ලාංකික කලා ලෝකයේ පිරවිය නොහැකි අඩුවක් තබමින් ප්‍රවීණ රංගන වේදී ටෙනිසන් කුරේ මහතා අද දහවල් අභවප්‍රාප්ත වූ බව Zest Girls Sri Lanka ඉතා සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු.
ශ්‍රී ලාංකික කලා ලෝකයේ පිරවිය නොහැකි අඩුවක් තබමින් ප්‍රවීණ රංගන වේදී ටෙනිසන් කුරේ මහතා අද දහවල් අභවප්‍රාප්ත වූ බව Zest Girls Sri Lanka ඉතා සාතිශය සංවේගයෙන් යුතුව දැනුම් දෙමු. පසුගිය දින කීපයක් මුළුල්ලේ රෝගී තත්ත්වයෙන් පසු වූ ඒ මහතා අද දින කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වන විට 68 වන වියේ පසු වුණා. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිරපිටපත් රචකයෙකු ලෙස කටයුතු කළ ඒ මහතා ශ්‍රී ලාංකික කලා ලෝලීන්ගේ ජනප්‍රසාදයට පත්ව සිටියේ හාස්‍යෝත්පාදක රංගන ශිල්පියෙකු ලෙසයි. වැඩබැරි ටාසන්, චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, රෑ දැනියෙල් දවල් මිගෙල්, සොමි බෝයිස්, ජැක් ඇන්ඩ් ජිල්, සීත සමීරේ, කොලොම්පූර්, සුපිරි අන්දරේ ආදී ජනප්‍රිය චිත්‍රපට රැසකින් ජනාදරයට පත් ටෙනිසන් කුරේ මහතා තවත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන බන්දු සමරසිංහ මහතා සමග ඇති කළ බන්දු-ටෙනී සුසංයෝගය මෙරට හාස්‍යෝත්පාදන රංගනයේ නොමැකෙන සටහනක් තැබීමට සමත් වුණා. ඔහු අවසන් වරට මෙරට ප්‍රේක්ෂකයින්ට දැක ගැනීමට හැකි වුණේ 2019දී තිරගත වුණු ජය ශ්‍රී ඇමතිතුමා චිත්‍රපටයෙනි. ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස සිනමාව පමණක් නොව වේදිකාවද අතික්‍රමණය කළ ටෙනිසන් කුරේ මහතා සිවම්මා ධනපාල, කැප්ටන් කූල්, කුරුල්ලා ආදී නිර්මාණ සමග තැබූ මතකයන් අමරණීය වනු ඇත. ඔහුගේ මේ හදිසි වියෝව සම්බන්ධයෙන් සකල ශ්‍රී ලාංකික කලා රසික පරපුර සමග දැඩි ශෝකයට පත්ව සිටින අපි අපගේ සාතිශය ශෝකය ඒ මහතා ගේ පවුලේ ඥාතීන් වෙත පළ කර සිටිමු.
Cover photo credit: Mr. Dayan Witharana
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…