තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට කැපවුණු අර්ජුන් Gunday, 2 States, Ki & Ka, Half Girlfriend, Namaste England සහ India's Most Wanted වැනි නිර්මාණ තුලින් තම සලකුණ තබා අවසන්. මේ දිනවල අර්ජුන් කපූර්ගේ අලුත්ම සටන "Panipat" සමග…
බොලිවුඩයේ තරු දරුවන් නැතිනම් සිනමා කර්මාන්තයට සම්බන්ධ පවුල් පසුබිමකින් එන නව පරපුරට සිනමාවට දොරගුළු ඇරෙන්නේ නිරායාසයෙන්. එහෙත් ඔවුන් බහුතරයක් පවුලේ කීර්තියෙන් යැපෙනවා ට වඩා සිය අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට කටයුතු කිරීම ප්‍රශංසනීය දෙයක්. එය ඔවුන්ගේ සාර්ථකත්වයට වගේම හින්දි සිනමාව යාවත්කාලීන වෙමින් නව මානයකට යෑමට හේතුවනවා. අර්ජුන් කපූර් සිනමාවට පිවිසෙන්නේද පියා, මව, සුළු මව මෙන්ම සිය බාප්පාවරුද පවා සිනමා ලෝකයේ දැවැන්ත චරිතව සිටියදී. තමන්ගේම අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට කැපවුණු අර්ජුන් Gunday, 2 States, Ki & Ka, Half Girlfriend, Namaste England සහ India’s Most Wanted වැනි නිර්මාණ තුලින් තම සලකුණ තබා අවසන්. මේ දිනවල අර්ජුන් කපූර්ගේ අලුත්ම සටන “Panipat” සමග…
ආශුතොෂ් ගොවාරිකර්ගේ පනිපට් 1761දී සිදු වූ ඓතිහාසික පනිපට් සටන මුල්කරගෙන ගොඩනැගෙන historical period drama ගණයේ නිර්මාණයක්. ඇෆ්ඝන් ආක්‍රමණිකයින්ට එරෙහිව යුධ වැදුණු සදාශිව් රාවෝ මරාථා සෙන්පතියාගේ චරිතය සමග චිත්‍රපටයට එක්වන අර්ජුන් මේ දිනවල වෙහෙසෙන්නේ චරිතයට ගැලපෙන පෙනුමක් සාදා ගැනීමටයි. ස්වභාවයෙන් තරමක් තරබාරු පැත්තට යොමුවන නිසාවෙන් බර අඩුකර සාර්ථක පෙනුමක් ලබාගැනීමට ව්‍යායාම සමග වෙහෙසෙනවා. ක්‍රිති ශැනන්, සංජය දත්, සීනත් අමාන් සහ පද්මිණි කොල්හාපූර් සෙසු චරිතවලින් දායක වන පනිපට් අර්ජුන්ට දැනෙන යමක් සිය ප්‍රේක්ෂකයින් වෙත ලබා දීමට හොඳ අවස්ථාවක්.
“මම මා සමග සහ මගේ ප්‍රේක්ෂකයා සමග අවංක විය යුතුයි. ඔවුන් මා දැකීමට සිනමාහලට පැමිණෙන්නේ රුපියල් 500ක් ගෙවලා. මට කොහොම වුණත් සෑහෙන සෞඛ්‍ය ගැටළු තිබුණා. අද පවා මම ඒවා සමග සටන් කරනවා. මගේ ළමා කාලය තරමක් තරබාරු එකක්. අද මම මා ගැනම සතුටු වනවා. අමතර බර සියල්ල අඩු කරගන්නට මට හැකි වී තිබෙනවා. චරිතයට ගැලපෙන රණ ශූරයෙකු ලෙසම අද මා දකින්නට මට හැකිවුණා.” Filmfare සඟරාවට අර්ජුන් මෙසේ පැවසුවා.
Photo Credit: www.filmfare.com
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…