කිංග් ඛාන් නැතිනම් ශාරුක් ඛාන් පසුගිය පෙබරවාරි 10 වනදා තම Twitter ගිණුමෙන් අලුත් චිත්‍රපටයක් ගැන ඉඟියක් පළ කළා. ඒ ඔහු සහ ඔහුගේ බිරිඳ ගෞරී ඛාන් මූලිකත්වය දරණ Red Chillies Entertainment මගින් නිෂ්පාදනය කරන අලුත්ම චිත්‍රපටය Badla(Revenge) හි ප්‍රචාරක පෝස්ටරයක්. Big B හෙවත් අමිතාබ් බච්චන් සමග ටාප්සි පානු ප්‍රධාන චරිත නිරූපණය කරන Badla crime thriller ගණයේ චිත්‍රපටයක්.
සුජෝයි ගෝෂ් අධ්‍යක්ෂණය කළ ‘බද්ලා’ 2016 දී තිරගත වූ ස්පාඤ්ඤ චිත්‍රපටයක් වන Contratiempoහි ප්‍රතිනිර්මාණයක්.
Jhummandi Naadam තෙලිඟු චිත්‍රපටයෙන් 2010දී සිනමා ලෝකයට පිවිසි ටාප්සි පානු සාම්ප්‍රදායික පෙම්වතියගේ චරිතයෙන් ඔබ්බට ගොස් ක්‍රියාදාම චරිත රැසක සිය හැකියාවන් නිරූපණය කළා. Baby, Naam Shabana, Judwa 2, Mulk, The Ghazi Attack ඒ අතර මුල් තැනක් ගන්නවා. අමිතාබ් බච්චන් සමග 2016දී ඇය රඟපෑ Pink සමාජ ත්‍රාසජනක ගණයේ චිත්‍රපටයක්. වෙනස්ම කතා තේමාවක එකක් වුණා. මේ ඔවුන් දෙදෙනාගේ අලුත් සුසංයෝගය. මාර්තු 8 කාන්තා දිනයේදී ප්‍රදර්ශනය අරඹන Badla සමග ළඟදීම හමුවෙමු.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…