A Street cat Named Bob අපි සෑම දෙනාගේම හිත දිනා ගත්තු චිත්‍රපටයක් වුණාට සැකයක් නැහැ. බොබ් නම් මේ අපූරු පූසා මේ මස 15 වැනිදා සිය මිතුරාට ද, ලෝකය පුරාම රසිකයින්ට ද සමු දුන්නේ අවුරුදු 14ක ජීවිත කාලයක් ගත කරමින් පසුවයි.
A Street cat Named Bob අපි සෑම දෙනාගේම හිත දිනා ගත්තු චිත්‍රපටයක් වුණාට සැකයක් නැහැ. ඒ නමින් නිකුත් වුණු පොතක් ඇසුරින් නිර්මාණය කළ මේ චිත්‍රපටයේ විශේෂත්වය වුණේ එය සම්පූර්ණයෙන් ම සත්‍ය සිදුවීමක් වීම. ජේම්ස් බෝවන්(James Bowen) මේ ග්‍රන්ථය සකසා තිබුණේ තමාගේ ජීවිත කතාව ඇසුරින්. වීදි ගායකයෙකු ලෙස ජීවිකාව සරි කරගත් ජේම්ස් බෝවන් දැඩි මත් ලෝලියෙකු වුණා. මත්ද්‍රව්‍ය නිසා ජේම්ස් ගේ ජීවිතයට අහිමි කළ දේ බොහොමයි. මේ ආකාරයෙන් අරමුණක් නැතිව නාස්ති වෙමින් සිටි ජේම්ස් ගේ ලෝකයට අහම්බෙන් ආ අමුත්තා බොබ්. බොබ් මහමග සිටි අයාලේ ගිය පූසෙක්. මේ පූසා නිසා ජේම්ස් ගේ ජීවිතයේ වෙනසකම් රැසක් සිදු වුණා. බොබ් සමග වීදියේ ගී ගයන්නට ගිය ජේම්ස් බොබ් නිසාම ජනප්‍රිය වුණා. මත්ද්‍රව්‍ය ඇබ්බැහියෙන් ජේම්ස් ට ගැලවෙන්න හැකි වුණෙත් මේ බොබ් නිසා. ඒ 2007දී පමණ. තමාගේ ජීවිතයේ මේ වෙනස සිදුකළ අපූරු මිතුරා ගැන ජේම්ස් පොතක් පළ කළේ 2012දී. මේ පළමු පොතම වාර්තා ගත අලෙවියක් පෙන්වූවා. A Gift from Bob දෙවැනි පොත වුණා. පසු කලෙක නිර්මාණය වුණු A Street cat Named Bob සහ A Gift from Bob චිත්‍රපට දෙකටම බොබ් රංගනයෙන් දායක වුණා. මේ අපූරු මිතුරන් දෙදෙනා ලෝකය පුරා විශාල රසික හදවත් ප්‍රමාණයක් දිනා ගන්නට සමත් වුණා. බොබ් නම් මේ අපූරු පූසා මේ මස 15 වැනිදා සිය මිතුරාට ද, ලෝකය පුරාම රසිකයින්ට ද සමු දුන්නේ අවුරුදු 14ක ජීවිත කාලයක් ගත කරමින් පසුවයි.
FB Fan Page: https://www.facebook.com/StreetCatBob
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…