අමිතාබ් බච්චන්, අභිෂේක් බච්චන්, අයිශ්වර්යා රායි සහ ඇගේ දියණිය කොරෝනා ආසාදිතයි
ඉන්දියාව තුල ආසාදිතයින් 879,447ක්, මරණ 23,187 වාර්තා වෙද්දී බොලිවුඩය ද කළඹමින් බච්චන් පවුල ද ගිල ගැනීමට කොරෝනා වෛරසය සමත් වුණා. අමිතාබ් බච්චන් සහ ඔහුගේ පුතු අභිෂේක් බච්චන් කොරෝනා ආසාදිත බව පෙර වාර්තා වුණු අතර මේ වන විට ඒ දෙදෙනා රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර අයිශ්වර්යා රායි බච්චන් සහ ඇගේ දියණිය ආරාධ්‍යා බච්චන් ද කොරෝනා ආසාදිත බව සොයාගෙන තිබෙනවා. අමිතාබ් බච්චන් ගේ බිරිඳ වන ජයා බච්චන්ගේ පමණක් PCR පරීක්ෂණයට අනුව කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ වන විට ඉන්දියාව තුල කොරෝනා හිස එසවීම ඉතා අවදානම් මට්ටමකට පත්ව ඇති අතර ගතවූ පැය 24 තුල පමණක් වාර්තා වූ නව ආසාදිතයින් ගණන 29,089ක්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…