වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමග කොරෝනා දෙවන රැල්ලක මතුවීමක අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබුණා. එතැන් සිට මේ ලිපිය සකසන මොහොත වන විට හමු වුණු මුළු ආසාදිතයින් ගණන තුන්සියය ඉක්මවා යාම සැලකිය යුතු කරුණක්. ගතවූ පැය 24 තුල පමණක් ආසාදිතයින් 297ක් හඳුනාගෙන තිබෙනවා. මින් සියලුදෙනාම පාහේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳිවියන්. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 2,451ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.