අද අගෝස්තු 14 දා වන විට ලොව පුරා වාර්තා වන කොරෝනා රෝගීන් ගණන මිලියන 21 ඉක්මවා ගොසින්. 21,072,125ක් රෝගීන් ලෝකයේ රටවල් සහ භූමි ප්‍රදේශ 213කින් වාර්තා වනවා. මිලියන 2 ඉක්මවූ රටවල් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය සහ ඉන්දියාව හඳුන්වන්න පුළුවන්. තවමත් වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන්. එය ගණනින් 5,415,666ක්. ලොව පුරා කොරෝනා නිසා අහිමි වූ ජීවිත ගණන 757,471ක්. ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් මරණ 170,415ක් වාර්තා වනවා. මේ වන විට කොරෝනා ව්‍යාප්තිය ශීග්‍රයෙන් දැකිය හැක්කේ මධ්‍යම ලතින් ඇමෙරිකානු රටක් වන මෙක්සිකෝව තුලයි. ගත වූ පැය 24 තුල නව රෝගීන් 7,371ක්, මරණ 627ක් මෙක්සිකෝවෙන් වාර්තා වී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වී ඇති මුළු රෝගීන් ගණන 2,882ක්.