මේ මස 17 වන තෙක් ලබා දී තිබූ පාසල් නිවාඩුව තවත් සතියකින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමත්‍යංශය තීරණය කර තිබෙනවා. මේ අනුව පාසල් ආරම්භ වන්නේ ජූලි මස 27 වන දින වන අතර ඒ 11, 12 සහ 13 ශ්‍රේණිවල දරුවන් සඳහා පමණක් පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් විවෘත වන්නේ මැතිවරණයෙන් පසු එළඹෙන පළමු සඳුදා, එනම් අගෝස්තු 10 වන දාය. මේ අතර රාජාංගනය සහ වැලිකන්ද අධ්‍යාපන කලාපවල කිසිඳු පාසැලක් අගෝස්තු 10 වන දාට පෙර විවෘත නොකෙරෙනු ඇති.

