. වසරකට වැඩි මේ නිහඬතාවය බිඳිමින් නැවත තිරය කළඹන්න දීපිකා සුදානම් වෙනවා. ඒ මේඝ්නා ගුල්සාර්ගේ Chhapaak(චාපාක්) චිත්‍රපටය සමගින්.
ෆිල්ම් ෆෙයාර් සම්මාන 03කට(හොඳම නිළිය ලෙස) හිමිකම් කියන දීපිකා පදුකෝන් ඕනෑම අභියෝගයක් බාර ගන්න, ඕනෑම චරිතයකට සාධාරණයක් ඉටු කරන්නට සමත් බොලිවුඩ් නිලියන් අතලොස්ස අතුරින් අයෙක්. ඇය බොලිවුඩයේ ඉහලම අය කිරීම් කරන නිලියන් කීපදෙනා අතර සිටින්නේත් ඒ නිසා. සංජය ලීලා බන්සාලිගේ පද්මාවත් චිත්‍රපටයෙන් පසු ඇගේ ආන්දෝලනාත්මක රඟපෑම් බොලිවුඩ් රසිකයින්ට දකින්නට ලැබුණේ නැහැ. ශාරුක් ඛාන්ගේ Zero චිත්‍රපටයේ සුළු ඉදිරිපත් කිරීමක් හැරුණු විට කිසිම චිත්‍රපටයක ඇය දකින්නට ලැබුණේ නැහැ. වසරකට වැඩි මේ නිහඬතාවය බිඳිමින් නැවත තිරය කළඹන්න දීපිකා සුදානම් වෙනවා. ඒ මේඝ්නා ගුල්සාර්ගේ Chhapaak(චාපාක්) චිත්‍රපටය සමගින්. ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව මුහුණ විකෘතිව දිවි ගලවා ගත් ලක්ෂ්මි අග්‍රවාල්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිපදවුණු Chhapaak(චාපාක්) චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පසුගියදා නිකුත් කළා. ඊට සහභාගී වුණු දීපිකා පදුකෝන් අදහස් පළ කළේ ඉතා හැඟීම්බරවයි. 2020 ජනවාරි 20වන දින තිරගත වීමට නියමිත චාපාක් බොලිවුඩ් රසික සිත් සංවේදීව ස්පර්ශ කරන බවට නම් සැකයක් නැහැ.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…