ඔහුගේ අවසන් රංගනය සනිටුහන් වුණු Dil Bechara(දිල් බෙචරා) පූර්ව ප්‍රචාරක පටය Youtube වෙත නිකුත් වෙලා පැය 24ක් පමණ ඇති. මේ වන විට කෝටි 3ක් ඉක්මවූ පිරිසක් මෙය නරඹා තිබෙනවා.
සුශාන්ත් සිංග් රාජ්පුත් මෙලොවින් සමු අරන් මාසයකට කිට්ටුයි. ඔහු ගැන ලෝකයේම අවධානය යොමු වුණේ පසු ගිය ජුනි 14 වැනිදා ඔහුගේ නිසල සිරුර නිවසේ කාමරයේ පංකාවේ එල්ලෙමින් තිබෙනු මෙහෙකරුවෙකු දැකීමත් සමග. ජීවත්ව සිටියදී සිය ක්ෂේත්‍රය තුල බොහෝ නොසලකා හැරීම්වලට ලක්වූ ඔහු ගැන, ඔහුගේ මරණින් පසු සුපිරි තරු පවා කතා කරන්න ගත්තා. සලමන් ඛාන්, සංජය ලීලා බන්සාලි සහ කරන් ජෝහර්ට සුශාන්ත් ගේ මරණයේ චෝදනා පවා එල්ල වුණා. ඔහුගේ අවසන් රංගනය සනිටුහන් වුණු Dil Bechara(දිල් බෙචරා) පූර්ව ප්‍රචාරක පටය Youtube වෙත නිකුත් වෙලා පැය 24ක් පමණ ඇති. මේ වන විට කෝටි 3ක් ඉක්මවූ පිරිසක් මෙය නරඹා තිබෙනවා. සුශාන්ත් සමග මෙහි රංගනයෙන් දායක වන්නේ Sanjana Sanghi. ජෝන් ග්‍රීන් ගේ “The Fault in Our Stars” නම් වාර්තා ගත අලෙවියක් ඇති කෘතිය ඇසුරින් මේ දිල් බෙචරා නිර්මාණය කර තිබෙනවා. මුකේෂ් චාබ්රා අධ්‍යක්ෂණය කළ දිල් බෙචරා නිෂ්පාදනය Fox Star Studios මගින්.
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…