චරිතාපදාන ඇසුරෙන් ගොඩනැගෙන චිත්‍රපට අද වනවිට bollywood සිනමාවේ කැපීපෙනෙන අංගයක් වෙලා. විශේෂයෙන්ම ක්‍රීඩා තරු ඇසුරු කරගෙන නිපදවුණු දෝනි, සචින් වැනි ක්‍රිකට් ක්‍රීඩකයින් ඇසුරු කරගත් චිත්‍රපට මෙන්ම බොක්සිං ක්‍රීඩිකා මේරි කොන්, ඔලිම්පික් ධාවන ශූරී මිල්කා සිංගේ ජීවන කතාව රැගත් භාග් මිල්කා භාග් මේ අතර මුල්තැන ගන්නවා. මේ ගොන්නට අලුතෙන්ම එක්වන සිනමා පටය වන්නේ 1998 බැංකොක් ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභී බොක්සිං ශූර Ngangom Dingko Singhගේ ජීවන පුවත රැගත් චිත්‍රපටයයි. ජනප්‍රිය මෙන්ම නව පරපුරේ දක්ෂ චරිතාංග නළුවෙකු වන ශාහිඩ් කපූර් මෙහි ප්‍රධාන භූමිකාව රංග දක්වනවා. රාජා ක්‍රිෂ්ණා මෙනන් අධ්‍යක්ෂණය කරනු ලබන මේ නිෂ්පාදකවරයා වන්නේද ශාහිඩ් කපූර් වීම විශේෂයක්.

Photo credit : Times of India

Source : www.filmfare.com