ඕලාෆ් සහ එල්සාගේ ජීවිත පූජාව පෙර සිටියවුන්ගේ වරදට වන්දිය ගෙවා දමාවි ද? මේ සියල්ලට පිළිතුරු ඇත්තේ තිරගත වන Frozen 2 චිත්‍රපටය තුලයි.
ඇරෙන්ඩෙල් රාජධානියේ සැඟවුණු රහසකි. පරම්පරා ගණනකට පෙර සිටියවුන් කළ වරදට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ වත්මන් පරපුරටය. ඇගනාර් රජු මේ සැඟවුණ රහසින් අඩක් සිය දූවරුන් දෙපල වූ එල්සා සහ ආනා ට පවසා තිබුණි. එල්සා සතු අසීමිත බලය කුමක් නිසා ලැබුණක් ද? එල්සාට කොඳුරා ආරාධනා කරන අද්භූත හඬ කුමක් ද? ඇරෙන්ඩෙල් රාජධානිය සහ මායාවී වනාතරයේ සැඟවුණු අභිරහස රාජධානියට තර්ජනයක් ද? මේ සොයා යන පිරිසේ ඕලාෆ් සහ එල්සාගේ ජීවිත පූජාව පෙර සිටියවුන්ගේ වරදට වන්දිය ගෙවා දමාවි ද? මේ සියල්ලට පිළිතුරු ඇත්තේ තිරගත වන Frozen 2 චිත්‍රපටය තුලයි.
2013 නිකුත් වූ Frozen චිත්‍රපටයේ දෙවන කොටස මගින් ප්‍රදර්ශනය අරඹන්නේ නොවැම්බර් 22 වන දා සිටය. එදා මෙහි මුල් කොටස නැරඹු පොඩිත්තන් බොහොමයක් අද නව යොවුන් වියේ සිටියත් ඒ අයගේ සිත් පවා ඇද බැඳ ගත් මේ දෙවන දිග හැරුම මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 925කට ආසන්න මුදලක් උපයමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණ තිබේ. පළමු චිත්‍රපටයේ ලෙසටම Kristen Bell, Idina Menzel, Josh Gad සහ Jonathan Groff සිය හඬ මගින් ප්‍රධාන චරිතවලට හඬ පොවති. වෝල්ට් ඩිස්නි නිර්මාණයක් ලෙස එලි දැක්වූ Frozen 2 පොඩිත්තන්ට මෙන්ම Frozen ප්‍රිය ඔබ සැමටමයි.
ඔබේ ළඟම සිනමා හලෙන් Frozen 2 චිත්‍රපටය නැරඹීමට ඔබේ අසුන් අදම වෙන් කර ගන්න: Click Here
In a world that still whispers “one man, one woman” as the default setting for…
In a world that often seeks to tame the untamed, there's a rising force that's…
Tygra - The Feral Queen transcends the realm of mere character. She is the exquisite…
Tygra – The Feral Queen did not begin as a concept. She arrived quietly, over…
In the mythic world of Tygra | The Feral Queen, the central figure builds her…